ලංකාවේ ලිංගික ශ්‍රමිකයින් අසූ දහසකට (80,000) අධික පිරිසක් සිටින බව සමීක්ෂණයකින් හෙළි වී ඇති බවත් ඔවුන් සියලුදෙනා ලියාපදිංචි කර නෛතික පාලනයට නතු කළ යුතු බවත් මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා සඳහන් කරයි.

ලිංගික ශ්‍රමික කාන්තාවන් කොන්කිරීම් සහ නොසලකා හැරීම් නොමැතිව සමාජගත කිරීම සදහා ලංකාවේ ප්‍රමුඛතම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යෙව්දීන්ගේ  විවිධ වූ අදහස් සහ යෝජනා ලබා ගැනීම සදහා ප්‍රජා ශක්ති සංවර්ධන පදනම මගින් කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේදී සංවිධානය කර තිබු වැඩමුළුවකදී මහාචාර්යවරයා එසේ කීය.
මෙරට පාසල්වල තවමත් ලිංගික අධ්‍යාපනයට ප්‍රමණවත් ප්‍රවිශ්ඨයක් නොමැති බව පෙන්වාදුන් මහාචාර්යවරයා පාසල හරහා ලිංගික අධ්‍යාපනය මීට වඩා ප්‍රචලිත කළයුතු බවත් සඳහන් කර සිටියේය. 
ලිංගික ශ්‍රමිකයින්ට මූලික මිනිස් අයිතිවාසිකම් තිබිය යුතු බවද මහාචාර්යවරයා කියා සිටියේය. ලිංගික ශ්‍රමිකයින් ලෙස කටයුතු කරන කාන්තාවන්, පුරුෂයින් යම් පිළිගැනීමකට ලක්කළ යුතු බවත් හෙතෙම කීය.

මෙම මාධ්‍ය හමුවේදී කතා කළ වෛද්‍ය හරිස්චන්ද්‍ යකන්දාවල මහතා පැවසුවේ මෙරට සමාජය තුල කාලයක් පුරා පැවති මතවාදයක් වන ලිංගික ශ්‍රමිකයන් හරහා සමාජ රෝග පැතිරයාම යන මතය මිත්‍යාවක් බවත් මේ වනවිට ලිංගික ශ්‍රමිකයින් සියයට 95 ක්ම කොන්ඩම් භාවිත කරන බවට වාර්තා තිබෙන නිසා ඔවුන් සමාජ රෝග සම්ප්‍රේශකයන් වීමේ ප්‍රවණතාව අවම බවයි. 
එමෙන්ම, පෙර පාසල් අධ්‍යාපනයේ යෙදෙන දරුවන්ට, ප්‍රාථමික අංශයේ අධ්‍යාපනයේ යෙදෙන දරුවන්ට, ඊට ඉහළ පන්තිවල ඉගෙන ගන්නා දරුවන්ට වෙන වෙනම ලිංගික අධ්‍යාපනය ඉගැන්විය යුතු කාලය එළැඹී ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.

මෙහිදී කතා කළ ප්‍රජා ශක්ති සංවර්ධන පදනමේ විධායක අධ්‍යක්ෂ එච්. ඒ. ලක්ෂ්මන් මහතා සඳහන් කළේ ලිංගික ශ්‍රමික කාන්තාවන් කොන්කිරීම හා නොසලකා හැරීම නොමැතිව සමාජගත කිරීම සඳහා සියලුදෙනා හැඩ ගැසිය යුතු බවය. දැනටමත් තම පදනම කොළඹ, කුරුණෑගල, හම්බන්තොට දිස්ත්‍රික්කවල ලිංගික ශ්‍රමිකයින් දසදහසක පිරිසක් සමග වැඩකටයුතු කරගෙන යන බවද ඒ මහතා කීය.

පදනමේ ප්‍රධාන විධායක නිලධාරිනී එම්. එස්. නුරාධා ජයසේකර මහත්මිය ද මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූවාය.

එක්වන්න අපගේ සමාජ මාධ්‍යය ජාලා සමග…
🛑ෆේස් බුක්/facebook https://facebook.com/smn24news
🛑යූ ටියුබ්/youtube www.youtube.com/@smn24news
🛑ටෙලිග්‍රෑම්/Telegram t.me/LDVNftqjNP1hM2Zl
🛑බ්ලොග්/Blogger https://smn24news.blogspot.com
🛑ට්විටර්/Twitter (X) twitter.com/smn24lk
🛑ටික්ටොක්/tiktok  https://vt.tiktok.com/ZSF55Fjqt/
🛑ඉන්ස්ටග්‍රෑම්/instagram  https://www.instagram.com/smn24lk/
🛑වට්ස් ඇප්/WhatsApp https://chat.whatsapp.com/I3bIbUXEdpG8wz2ub8Tk6o 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *