රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ වාර්ෂික සුහද ක්‍රිකට් තරඟාවලිය පසුගියදා (05) පොල්හේන්ගොඩ මහාමාත්‍ය විදුහල් ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.
“Info – 2025” ශූරතාව සඳහා කණ්ඩායම් 06 ක් තරඟ වැදුණු අතර තරඟාවලියේ ශූරතාව මෙවර රජයේ චිත්‍රපට අංශය විසින් දිනා ගන්නා ලදී.
එමෙන්ම, මෙහි අනුශූරතාව ප්‍රචාරක අංශය විසින් දිනා ගන්නා ලදී.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම තරඟාවලිය සඳහා අනුග්‍රහය දැක්වූ ආයතන නිලධාරීන් පිරිසක් සහභාගි විය.

By Dewmi Talisha

Dewmi Talisha Staff reporter

Leave a Reply

Your email address will not be published. Required fields are marked *