2024 (2025) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (10) මධ්‍යම රාත්‍රී අන්තර්ජාලය වෙත නිකුත් කරනු ලැබීය.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වේබ් අඩවි වන https://www.doenets.lk/ සහ http://www.results.exams.gov.lk/ යන වෙබ් අඩවි වලට පිවිසීමෙන් විභාගයේ ප්‍රතිපල ලබාගත හැකිය.

විදුහල්පතිවරුන්ට ප්‍රතිඵල ලේඛන බාගත කිරීම සඳහා ඔවුන් වෙත ලබා දී ඇති මුරපද හා පරිශීලක නාම භාවිත කළ හැකි බවද විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයදුම්පත් ලබන 14 වැනිදා සිට 28 වැනිදා දක්වා භාර ගැනීමට නියමිතයි. පසුගිය වසරට නියමිත සාමාන්‍ය පෙළ විභාගය මේ වසරේ මාර්තු මාසයේදී පැවැත්විය. ඒ සඳහා ඉදිරිපත් වූ අයදුම්කරුවන් සංඛ්‍යාව හාර ලක්ෂ හැත්තෑහතර දහස් එකසිය හතලිස් හතකි. (474147) කි.

ඒ අතර පාසල් අයදුම්කරුවන් 398182 ක් සිටි බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *