Post Views: 218 ආණ්ඩුවේ වියදම් පියවා ගැනීමට සහ කල්පිරුණු භාණ්ඩාගාර බිල්පත් (90,180,360) අදාල පොලී මුදල් සමඟ නිරවුල් කිරීම සඳහා පසුගියදා (14) සිදුකල භාණ්ඩාගාර බැදුම්කර නිකුතුව මගින් රුපියල් බිලියන 173 ක භාණ්ඩාර බිල්පත් අලෙවිකර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරයි. භාණ්ඩාගාර බිල්පත් කියන්නේ මොනවාද ?භාණ්ඩාගාර බිල්පත් යනු, රජයේ කෙටිකාලීන ණය ලබා ගැනීමේ ක්‍රමයක්. වඩාත් පැහැදිලි ලෙස සඳහන් කලහොත් ප්‍රධානම ක්‍රමය. මේ ආකාරයට රජය විසින් උපරිම වශයෙන් වසරක් දක්වා කාලයක් සඳහා ණය ලබා ගන්නවා. වසරකට වඩා වැඩි කාලයකට ණය ලබා ගන්නේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම මගින්. සාමාන්‍යයෙන් සෑම සතියකම භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමක් සිදු වනවා එයට හේතුව වන්නේ සෑම සතියකම යම් ප්‍රමාණයක භාණ්ඩාගාර බිල්පත් කල් පිරීමක්ද සිදුවන නිසායි.භාණ්ඩාගාර බිල්පත් නිකුත් කර ලබා ගන්නා මුදල් වලින් රජය බොහෝ විට පරණ ණය හා පොලී ගෙවීම, රාජ්‍ය සේවක වැටුප් ගෙවීම, රාජ්‍ය සංස්ථා වල පාඩු පියවීම, යටිතල පහසුකම් දියුණු කිරීම, සුබසාධන වියදම් වැනි විවිධ කාර්යයන් ඉටුකරනු ලබයි. ඒ අනුව, මෙවර මාස 3 කල්පිරීමේ භාණ්ඩාර බිල්පත් මගින් රුපියල් බිලියන 7.1 ක් ද, මාස 6 කල්පිරීමේ භාණ්ඩාර බිල්පත් මගින් රුපියල් බිලියන 54.7 ක් ද, මාස 12 කල්පිරීමේ භාණ්ඩාර බිල්පත් මගින් රුපියල් බිලියන 111 ක් ද වන ලෙසට සමස්ත බිල්පත් මගින් රුපියල් බිලියන 173 ක ණයක් ලබාගෙන ඇත. මේ වන විටදී රජයේ සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 28563.45 ක් නො එසේ නම් ට්‍රිලියන 28 ක් වන බවත් මහ බැංකු වාර්තා සඳහන් කරයි. කිසිදු පාලනයකින් තොරව හා ඵළදායිතාවයකින් තොරව දිගින් දිගටම අස්වැසුම ආදී සහන ලබාදීමත් රජයේ අධික ණයබර ඉහල යාමට හේතුවක් වී ඇති බව ආර්ථික විශ්ලේෂකයන්ගේ මතයයි. Post navigation St. Joseph’s College Rugby Unveils Sponsors for the 2025 Dialog Inter-Schools Rugby Season. NEXT ඇඟලූම් කම්හල වසා දැමීම පිළිබඳව තවදුරටත් සාකච්ඡා.