Post Views: 189 රාජ්‍ය සංස්ථාවක් ලෙස රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව ඉතිහාසයේ ප්‍රථම වරට ණය කාඩ්පත් මගින් ටයර් සහ බැටරි මිලදීගැනීමට පාරිභෝගිකයන් සදහා අවස්ථාව ලබාදීමට පියවර ගෙන ඇත. මේ සදහා වන අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සහ මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම ඊයේ (26) කොළඹ නවම් මාවතේ පිහිටි රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව ප්‍රධාන කාර්යාලයේදී සිදු කෙරුනි. මෙම අවස්ථාවට රජයේ වාණිජ විවිධ නීතීගත සංස්ථාවේ සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු, සම්පත් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරි (කාඩ්පත් ) ශිරාන් කොස්සින්න, රජයේ වාණිජ විවිධ නීතීගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරිනී චමිලා ඉද්දමල්ගොඩ, රජයේ වාණිජ විවිධ නීතීගත සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (අලෙවි) මහේෂ් මෙන්ඩිස් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී විය. මෙහිදී අදහස් දක්වූ, රජයේ වාණිජ විවිධ නීතීගත සංස්ථාවේ සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා, දැනට පෞද්ගලික බැංකුවක් සමග මෙය ආරම්භ කලද ඉදිරියේදී රාජ්‍ය බැංකු සමගද මෙය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව පැවසීය.මේ යටතේ ප්‍රසිද්ධ වෙළඳ සන්නාම වන ෆෙරන්ටිනෝ, සියැට් ටයර් සහ එක්සයිඩ් බැටරි මාස 3 සහ මාස 06 ක ගෙවීම් ක්‍රම යටතේ සම්පත් බැංකු ණය කාඩ්පත් හිමියන්ට රජයේ වානිජ විවිධ නීතීගත සංස්ථාව ප්‍රධාන කාර්යාලය වෙතින් සහ දිවයින පුරා පිහිටි ප්‍රදර්ශනාගාර වලින් ලබාගත හැකි බවත් හෙතෙම පැවසීය. සම්පත් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරි (කාඩ්පත් ) ශිරාන් කොස්සින්න මහතා, රාජ්‍ය ආයතනයක් ලෙසට මේ පියවර පාරිභෝගික ජනතාවට ඉතාම වැදගත් සහ වටිනා අවස්තාවක් බවත් මේ යටතේ සම්පත් බැංකු ණය කාඩ්පත් හිමියන්ට මාස 3 සහ 6 ක පොලී රහිත වාරික ගෙවීමේ පදනම මත ටයර් සහ බැටරි මිළදී ගැනීමට හැකි බවත් පැවසීය. Post navigation දේශීය ව්‍යවසායකයින්ට ” Made in Sri Lanka සන්නාම ලාංඡන” පිරිනැමේ. AC Milan Academy Colombo Unveils Official Jersey and Kicks Off a New Era for Junior Football in Sri Lanka