Post Views: 242 මඩකලපුව සිට කොළඹ දක්වා ධාවනය වූ මීනගයා රාත්‍රී දුම්රියට හබරණ ගල්ඔය දුම්රියපොළ ආසන්නයේ අලි රංචුවක් ගැටීමෙන්, ඉන් අලි හය දෙනකු මියගොස් ඇති බව වාර්තා වේ. එයට අමතරව තවත් වන අලි දෙදෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන අතර අලි රංචුව ගැටිමෙන් දුම්රිය එන්ජිමද පීලි පැන ඇති බව, හබරණ පොලිසිය සඳහන් කරයි. දුම්රියේ ගමන් කළ මගීන් කොළඹ සිට පැමිණි වෙනත් දුම්රියකින් කොළඹ බලා රැගෙන යාමට කටයුතු කර ඇති අතර මීනගයා දුම්රිය එන්ජිම ඉවත්කර ඉතිරි මැදිරි මඩකලපුව දෙසට රැගෙන ගොස් ඇත. මෙම අනතුර නිසා දුම්රිය මාර්ගයට ද අලාභ හානි සිදු වී ඇති අතර ගල්ඔය මඩකලපුව දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු අවහිර වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි. Post navigation රටවටා යන “සංගීතයයි සංවාදයයි” ප්රසාංගික රාත්‍රීය මහරගම මහජන පොළ පරිශ්‍රයේ දීත්. ලෝක උපත් ආබාධ දිනය සැමරේ.