දේශීය ආදායම් පනතේ 190 වන වගන්තිය යටතේ, නිරූපණ ශිල්පිණි පියුමි හංසමාලි සහ ව්‍යාපාරික විරංජිත් තාඹුගල සම්බන්ධයෙන් බදු පනත උල්ලංඝනය කරමින් වරදක් සිදුකර ඇත්ද යන්න පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

එම ඉල්ලීමට අදාල නඩුව යලි කැඳවනු ලැබූ අවස්ථාවේදී, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කරමින්, නිරූපණ ශිල්පිණි පියුමි හංසමාලි සහ අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල යන දෙදෙනාට අදාළව සිදු කරනු ලබන විමර්ශනවල ප්‍රගතිය ලබන ජූලි මස 31 වන දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස සදහන් කලා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා මහතා විසින් පෙර නඩු වාරයකදී සදහන් කර තිබුනේ, මෙම සිද්ධියට අදාළ ලිපි ලේඛන පරීක්ෂා කිරීමේ අරමුණින් ඉහත සඳහන් දෙදෙනාගේ නිවාස සෝදිසි කිරීමට අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබුණද, සෝදිසි කිරීම් සිදු කරන අවස්ථාවේදී ඔවුන් දෙදෙනා නිවෙස්වල නොසිටි බව‍යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *