ශ්‍රී ලාංකික නර්තන ශිල්පිනියක, සහ කථිකාචාර්යවරියක වන මේජර් වෙරෝනිකා දසනායක විසින් පවත්වන පැයක ඒක පුද්ගල නර්තන සංදර්ශනයක් බ්ලු නමින් එළඹෙන 7 වනදා සවස 6.30 ට කොළඹ 07 දෘශ්‍ය හා රංග කලා විශ්ව විද්‍යාලයේ පණීභාරත රඟහලේදී පැවැත්වේ.

ක්‍රිෂ්ණා දෙවියන්ට භක්තියෙන් මුල් බැසගත් ප්‍රකාශිත කතාන්දර සඳහා ප්‍රසිද්ධ නවීන කලාත්මක සෞන්දර්ය කථක් නර්තනයන් සමඟින් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි සම්භාව්‍ය සම්ප්‍රදායික උරුමය දක්ෂ ලෙස මුසු කර ඇති මෙම සුවිශේෂී සංදර්ශනය සහජීවනය සහ විශ්වය අතර ගවේෂණයක් ලෙස බ්ලු නමින් නිර්මාණය කර ඇත.

නොමිලයේ පැවැත්වෙන මෙම අලංකාරවත් සෞන්දර්‍යාත්මක සොදුරු පැය සදහා කලාකාමී ඔබ සැමට ඇරයුම් කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *