Post Views: 181 ඉන්දියාව යනු විවිධ ජාතීන්ගෙන් සැදුම්ලත් ලෝකයේ වැඩිම ජනගහනයක් සහිත එකිනෙකට වෙනස් ජන කොටස් වෙසෙන ප්‍රාන්ත 28 යුක්ත හා භාෂා 780 පමණ කතා කරන විශාල ජන විවිධත්වයක් සහිත රටකි. ඉන්දියාවේ ඇති විශේෂිතම කාරණය වන්නේ වැඩිම ශාක භක්ෂක ආහාර ගන්නා (වෙජිටේරියන්) ජනගහනයක් සිටීන රට වීමයි. එරට ජනගහනයෙන් ආසන්න වශයෙන් 25% – 30% එනම් මිලියන 276 පමණ ප්‍රමාණයක් මස් මාංශ වලින් තොර ආහාර රටාවකට හුරු වී ඇත. එම ආහාර රටාව නිසාත් ඉන්දියාවේ ඇති ආහාර සම්බන්ධ චාරිත්‍ර වාරිත්‍ර නිසාත් ඉන්දියාවේ ජනගහනයෙන් වැඩි කොටසක් ඔවුන්ගේ ආහාර ගැනීම සඳහා කෙසෙල් කොළ භාවිතා කරයි.විශේෂ උත්සව අවස්ථා මංගල උත්සව සහ අවමංගල උත්සව මෙන්ම එදිනෙදා ජීවිතයේ ද ආහාර ගැනීම සඳහා භාජනය වෙනුවට හෝ භාජනය තුළ එළීමට ඔවුන් කෙසෙල් කොළ භාවිතා කරයි. ඒ කෙතරම් විශාල කාරණාවක්ද යත් ඉන්දියාව තුළ කෙසෙල් කොළ සඳහාම පමණක් කෙසෙල් වගා කිරීම සිදුකෙරේ. එමෙන්ම ලෝකය පුරා වෙසෙන ඉන්දීය ජනතාව සඳහා කෙසෙල් කොළ සැපයීමට ඉන්දියාව මෙන්ම තවත් රටවල් කිහිපයක් අපනයනකරුවන් ලෙසද එක්ව සිටි. එම නිසා කෙසෙල් කොළ කර්මාන්තය ඉන්දියාවේ අනෙකුත් කෘෂිකාර්මික වගාවන් වලට වඩා ඉහල තැනක් ගනියි. ඉන්දියාවේ ආහාර සංස්කෘතිය නිසා ඉන්දියාවේ කෘෂිකර්මාන්තය ලෝකයේ අනෙත් රටවල් වලට වඩා ඉතා ඉහළ මට්ටමක ඇත. ඉන්දියාවේ කෙසෙල් කොලයක මිළ ඉන්දීය රුපියල් 3 සිට රුපියල් 50 දක්වා වන මිල ගණන් වල ඇති අතර විදේශයන්ට යවන කෙසෙල් පත්‍ර රුපියල් 300 සිට ඉහල මිල ගණන් වලට අලෙවි කරනු ලබයි. Post navigation තරුෂි ඔලිම්පික් තරග කරන්න ඇදපු ඇඳුම් වලට උන දේ දේශීය ව්‍යවසායකයින්ට ” Made in Sri Lanka සන්නාම ලාංඡන” පිරිනැමේ.