පන්නිපිටිය ධර්මපාල විද්‍යාලීය සිසු දරුවන්ගේ කලා කුසලතා ඔප් නංවමින් සිසු දක්ෂතා රටට එළිදැක්වීමේ අරමුණින් පවත්වන රංග කලා මංගල්‍යය “සංකලන 2024” මෙවර හෝමාගම දියගම පිහිටි මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ආයතන ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්වුනි.

සිසු දරුවන්ගේ ඉතාම අලංකාරවත් නර්තන,රංගන,ගායන හා වාදන අංග ගණනාවකින් සමන්විත වූ මෙම කලා උත්සවය සදහා ප්‍රවීණ සංගීතඥ ආචාර්ය රෝහණ වීරසිංහ ශූරීන් ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවිය.

ධර්මපාල විද්‍යාලීය විදුහල්පතිනී ආර්.ඒ.මහේෂිකා රූපසිංහ මහත්මියගේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවති මෙය නැරඹීම සදහා විශාල පිරිසක් පැමිණ සිටිනු දක්නට ලැබුනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *