Post Views: 339 මෙවර ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 800 ඉසවුවට ආසියාව නියෝජනය කල ලාබාලතම ක්‍රීඩිකාව ලෙසට වාර්තා පොතට එක්වන්නට තරුෂි කරුණාරත්නට හැකියාව ලැබී ඇත. 2004 නොවැම්බර් 18 දින උපත ලද තරුෂී තවමත් 19 වන වියෙහි පසුවන ක්‍රීඩිකාවක් වේ. ඇය මෙසේ කාන්තා මීටර් 800 ඉසවුවට ආසියාවෙන් සහභාගී වූ ලාබාලම ක්‍රීඩිකාව ලෙස සටහන් වෙත්ම එය අගය කරමින් එම තරගය සදහා තරුෂි භාවිතා කල ක්‍රීඩා ඇදුම් ස්ව්ට්සර්ලන්තයේ ලුසෑන් හි ජාත්‍යන්තර ඔලිම්පික් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තැබීමට තෝරාගෙන තිබේ. මෙම තෝරා ගැනීමත් සමගම එය අගයමින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපතිවරයාගේ අත්සනින් යුත් සහතිකයක් ඇයට හිමි වනු ඇති අතර මෙම ඇගයීම ජාත්‍යන්තර ක්‍රීඩා වේදිකාවේදී, ජාතික ඔලිම්පික් ක්‍රීඩා කවුන්සලයට මෙන්ම ශ්‍රී ලංකාවට ගෞරවයක් සනිටුහන් කරයි. තරුෂිගේ මෙම ක්‍රීඩා ඇදුම් සදහා අනුග්‍රාහකත්වය දක්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ ඇඳුම් අපනයන සන්නාමයක් වන මාස් හෝල්ඩිංග්ස් (MAS Holdings) ආයතනය වේ. Post navigation අරුණ දර්ශන මීටර් 400 අවසන් පූර්ව වටයට. කෙසෙල් කොලෙන් පවා හම්බ කරන ඉන්දියාව