Post Views: 345 The annual limited-over cricket encounter between St. Joseph’s College, Colombo, and St. Peter’s College, Bambalapitiya, was held yesterday (06) at the Sinhalese Sports Club ground in Colombo. St. Peter’s College won the toss and invited St. Joseph’s College to bat first. As a result, the St. Joseph’s team, batting first, scored 229 runs in 48.5 overs, with Hirun Kapurubandara scoring 70, Hiran Jayasundara 65, and Senuja Vakungoda 41 not out. Chasing a target of 230 runs, the St. Peter’s College team reached the winning target by losing 7 wickets in 45.4 overs, with Dilana Damsara scoring 67 and Owin Salgado 40. Consequently, St. Peter’s College, Bambalapitiya, won the “Battle of the Saints” limited-over cricket encounter, held for the 50th time this year. “සාන්තුවරයන්ගේ සටන” සීමිත ඕවර ක්‍රිකට් තරගය. කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය සහ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය අතර වාර්ෂිකව පැවැත්වෙන සීමිත ඕවර ක්‍රිකට් තරගය (Joe-Pete Limited Over Encounter) මෙවරත් කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගනයේදී ඊයේ (06) පැවැත්වුනි. තරගයේ කාසියේ වාසිය දිනාගත් ශාන්ත පීතර විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහරදීමට ශාන්ත ජෝශප් විද්‍යාලයට ආරාධනා කරන ලදී. ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශාන්ත ජෝශප් කණ්ඩායම පන්දුවාර 48.5 කදී සියල්ලන්ම දැවී ලකුණු 229 ක් රැස් කරන ලදී. හිරුන් කපුරුබණ්ඩාර 70, හිරාන් ජයසුන්දර 65, සෙනුජ වැකුන්ගොඩ නොදැවී 41 යි. ලකුණු 230 ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ශාන්ත පීතර විද්‍යාලීය කණ්ඩායම පන්දුවාර 45.4 කදී කඩුළු 7 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය සම්පූර්ණ කරන ලදී. දිලන දම්සර 67, ඔවීන් සල්ගාදු 40 යි. ඒ අනුව, මෙවර 50 වන වරට පැවැත්වුනු “සාන්තුවරයන්ගේ සටන” සීමිත ඕවර ක්‍රිකට් තරගයේ ජය බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය දිනා ගන්නා ලදී. Post navigation මැක්ඩොනල්ඩ් වහයි. ලංකාවේ නියෝජිතධූරයෙන් අබාන්ස් ඉවත් කරයි. අරුණ දර්ශන මීටර් 400 අවසන් පූර්ව වටයට.