ලෝ ප්‍රකට ෆාස්ට් ෆුඩ්ස් අවන්හල් ජාලයක් වන මැක්ඩොනල්ඩ් රෙස්ටුරන්ට් ශ්‍රී ලංකාවේ පවත්වාගෙන ගියේ අබාන්ස් සමාගමෙන්. යම් යම් හේතූන් නිසා මැක්ඩොනල්ඩ් රෙස්ටුරන්ට් සමාගම ශ්‍රී ලංකාවේ දේශීය නියෝජිත ලෙස කටයුතු කල අබාන්ස් සමාගම ඉන් ඉවත්කර සිය අවන්හල් ජාලය තාවකාලිකව වසාදමා තිබෙනවා.

වර්ෂ 1940 දී ඇමෙරිකාවේ, කැලිෆෝනියාවේ රිචර්ඩ් ජේම්ස් මැක්ඩොනල්ඩ් (Richard James Mcdonald) සහ මොරිස් ජේම්ස් මැක්ඩොනල්ඩ් (Maurice James Mcdonald) කියන සහෝදරයන් දෙදෙනා විසින් ආරම්භකල මේ ෆාස්ට් ෆුඩ්ස් අවන්හල ක්‍රමයෙන් දියුණු වෙලා මේ වනවිට ලෝකයේ රටවල් 120 ක පමණ සිය ව්‍යාපාර පවත්වාගෙන යන අතර 40,000 කට අධික අවන්හල් ප්‍රමානයක් ක්‍රියාත්මක වෙනවා. මේ අතරින් මෙරට ෆ්‍රැන්චයිස් එක සිදුකල අබාන්ස් යටතේ මැක්ඩොනල්ඩ් රෙස්ටුරන්ට් 12 ක් ක්‍රියාත්මක උනා. දැන් ඒ සියල්ල වසා දමා තිබෙනවා.

මැක්ඩොනල්ඩ් සමාගමේ කීර්තිනාමය ඉහල යාමට ප්‍රධානම හේතුවක් උනේ, ඉහළ පාරිභෝගික සේවාව සහ වේගවත් ආහාර සැපයුමක් වගේම එම ආහාර වල ගුණාත්මක බාවය රැක ගැනීම නිරතුරුවම ආරක්ෂාකර ගැනීමයි. අබාන්ස් සමාගම ආරම්භක කාලයේ මෙරට අවන්හල් ජාලයේ මේ තත්වය ආරක්ෂාකර ගත්තත් අවාසනාවකට වගේ පසුගිය කාලය පුරාවටම මැක්ඩොනල්ඩ් වෙත පාරිභෝගිකයන්ගෙන් එල්ල උනේ දෝෂාරෝපණමයි.

එම අඩුපාඩු ආහාරවල ගුණාත්මකභාවයේ සිට පාරිභෝගික සේවය විතරක් නෙවෙයි අවන්හල් වල පහසුකම් වලිනුත් බොහෝ අවස්ථාවල පෙන්නුම් කලා. නිළ වශයෙන් නිවේදනය නොකලත් මේ සියළු කරුණු මෙම නියෝජිතකම අබාන්ස් වෙතින් ඉවත්කරන්න හේතුවෙන්න ඇති. ලෝක ප්‍රසිද්ධ සන්නාමයක් අපේ රටේ තියන රෙස්ටුරන්ට් 12 ක් වගේ සුළු ප්‍රමාණයක් නිසා සම්පූර්ණයෙන් බිදවට්ටව ගන්න හිතන්නෙ නැහැනෙ.

කොහොම උනත් සමහර විට වෙනත් ආයතනයක් හරහා ලංකාවේ පාරිභෝගිකයන්ට මැක්ඩොනල්ඩ් රස බලන්න අවස්ථාව ලැබෙන්නත් පුළුවන් නැතිවෙන්නත් පුළුවන්.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *