දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ ව්‍යවසායකයන් ඇඟයීමේ ව්‍යවසායකත්ව රන් සම්මාන උළෙලක් වන “Golden Inmediens 2023” සම්මාන ප්‍රධානෝත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී පවත්වනු ලැබීය.

දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයාගේ සංකල්පයකට අනුව දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ ව්‍යවසායකයින් ඇඟයීම, දේශීය හා විදේශීය වශයෙන් ප්‍රවර්ධනය කිරීම මූලික කරගනිමින් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය, ආයුර්වේද දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව යන ආයතනයන් හී මඟ පෙන්වීම මත ශ්‍රී ලංකා ආයුර්වේද ප්‍රවර්ධන පෞද්ගලික සමාගම විසින් මෙම ව්‍යවසායකත්ව සම්මාන උළෙල සංවිධානය කර තිබිණ.

මෙහිදී, දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය තුළ රෝගී සත්කාර සේවා පවත්වාගෙන යමින් ජාතික සෞඛ්‍ය සේවාවට සුවිශාල දායකත්වයක් දක්වමින් සංචාරක ක්ෂේත්‍රය තුළින් දේශීය ආර්ථිකය සවිමත් කිරීමට දායක වූ ව්‍යවසායකයින් ඇතුළු අධ්‍යාපන, ප්‍රතිකාර, ඖෂධ ,නිෂ්පාදන, සේවා යන අංශයන් නියෝජනය කරමින් එම ක්ෂේත්‍රයේ විශිෂ්ටතමයින් 60 දෙනෙකු සඳහා සම්මාන ප්‍රදානය කිරීම සිදුකෙරිණ.

එම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි, අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, නිමල් සිරිපාල ද සිල්වා, ප්‍රසන්න රණතුංග, ජානක වක්කුඹුර, සීතා අරෙඹෙපොල යන මහත්ම මහත්මීන්ද පාර්ලිමේනතු මන්ත්‍රිවරුන් රැසක්ද අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධම්මික අබේගුණවර්ධන, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපති අනුර ඇතුලත්මුදලි යන මහත්ම මහත්මීන් ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛපෙලේ ආයුර්වේද ක්ෂේත්‍රය අදාල ව්‍යවසායකයින් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *