Post Views: 307 මිරිස්ස වෙරළ තීරයේ දිය නාමින් සිටි ඉතාලි ජාතික සංචාරක කාන්තාවක් දියවැලකට හසුව ගසාගෙන යාමේදී වහාම ක්‍රියාත්මක වූ පොලිස් සංචාරක කොට්ඨාසයට අයත් ජීවිතාරක්ෂක ඒකකයේ පොලිස් නිලධාරින් තිදෙනෙකු විසින් ඇය බේරා ගනු ලැබ තිබේ. මෙසේ මුහුදු රළට හසුව ඇත්තේ මෙරට සංචාරයකට පැමිණි වයස අවුරුදු 47ක් වන ඉතාලි ජාතික කාන්තාවකි. මිරිස්ස වෙරළ තීරයේ ජීවිතාරක්ෂක රාජකාරියේ නිරත පොලිස් සැරයන් 72167 මංජුල, පොලිස් කොස්තාපල් 20373 ලහිරු, පොලිස් කොස්තාපල් 19407 ලක්ෂාන් යන නිලධාරින් විසින් මෙම විදේශීය කාන්තාව බේරාගෙන ඇත. Post navigation 2023 ගෙවෙන මොහොතේ රටම කම්පාකල පුවතක් මාලඹෙන් වාර්තාවේ. පියුමි සහ විරංජිත් නිවෙස්වල නැහැ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අධිකරණයට කියයි.