මෙරට පෙරහැර මංගල්‍යන්ගේ තවත් සුවිශේෂි පෙරහැරක් ලෙස සැලකිය හැකි කොළඹ ගංගාරාමයේ නවම් මහා පෙරහැර ඊයෙට (23) නවම් පුන් පොහෝ දිනයේදී පැවැත්වුනි.

1979 වසරේ ඇරඹි ගංගාරාම නවම් මහා පෙරහර තුනුරුවන් මූලික කර ගනිමින් සිදු කරන්නාවූ පූජා පෙරහැරක් ලෙස හැඳින්විය හැකි අතර මෙරට පෙරහැර සංස්කෘතියට ඉහල දායකත්වයක් දක්වන සහ අපගේ හෙළ කලාවන් ලෝකයට පෙන්නුම් කරන ගංගාරාම නවම් මහා පෙරහර සංචාරකයන්ගේ ඉහල අවදානයට ලක්වූ පෙරහැර මංගල්‍යයකි.

ගංගාරාම කුළගන සමිතිය මූලිකත්වය ගෙන ඇරඹියයි සැලකෙන මෙම මහා සංස්කෘතික මංගල්‍යය පෙර කල අගනුවර තිබූ ඇසළ පෙරහැරේ ආභාෂයෙන් පැවත එන බව ගංගාරාම විහාරවාසී ආචාර්ය කිරින්දේ අස්සජි නායක හිමියෝ පැවසූහ.

ඉතාම අලංකාරවත් ලෙස 45 වන වරටත් පැවති මෙම පෙරහැර ඊයේ (23) රාත්‍රීයේ වීථි සංචාරය කෙරුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කර පෙරහර සමාරම්භය සනිටුහන් කළේය. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද එක්ව සිටිනු ලදී.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *