Post Views: 262 එක්සත් ජාතික පක්ෂයෙන් බිහිවූ ප්‍රධාන පෙලේ දේශපාලනඥයෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයෙකුද වන ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අද (17) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. රෝගාතුරව සිටි ඒ මහතා ජීවිතක්ෂයට පත්වන විට 83 වන වියේ පසු වුණි. 1941 වසරේ දී උපත ලැබූ ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා කොළඹ නාලන්දා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරීය. එක්සත් ජාතික පක්ෂයෙන් කුරුණගල දිස්ත්‍රික්කය නියෝජනය කල ඔහු 2001 දෙසැම්බර් සිට 2003 නොවැම්බර් දක්වා වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යවරයා ලෙසත්, 2015 ජනවාරි සිට 2015 අගෝස්තු දක්වා – ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ලෙසත්, 2015 සැප්තැම්බර් සිට 2018 පෙබරවාරි දක්වා තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍යවරයා ලෙසත්, 2017 අගෝස්තු සිට 2018 ඔක්තෝබර් දක්වා ‘‘බුද්ධ ශාසන’’ අමාත්‍යවරයා ලෙසත් කටයුතු කළ ඔහු 2013 වසර දක්වා එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරන ලදි. අභාවප්‍රාප්ත ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ දේහය කුරුණෑගල, කටුගම්පල පිහිටි ඒ මහතාගේ නිවසේ මහජන ගෞරවය සදහා තබන බවත් අවසන් කටයුතු පිලිබදව ඉදිරියේදී දැනුම් දෙන බවත් පවුලේ ඥාතීන් සදහන් කර සිටී. Post navigation ගොනාට ඇන්දවීමේ කලාව ප්‍රගුණ කර ඇත්තේ දේශපාලකයින්ම පමණක්ද ? 10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය ත්‍රීකුණාමලයේදී ඇරඹෙයි.