Post Views: 259 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රදවා තබාගැනීමේ නියෝග මත අත් අඩංගුවේ පසුවන සළිඳු මල්ෂික නොහොත් කුඩු සළිඳු නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාගේ ප්‍රධානතම ගෝලයා ලෙස හැඳීන්වෙන පියුම් හස්තික නොහොත් “පියුමා ” නැමැති සැකකරු ඩුබායි හීදී අත් අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙරටට රැගෙන එන ලදී. අද අළුයම කටුනායක ගුවන් තොටුපොළ වෙතින් දිවයිනට රැගෙන ආ පියුම් හස්තික නම් මෙම සැකකරු මනුෂ්‍ය ඝාතන රැසකට සම්බන්ධ බවට පොලීසිය සැකකරන අතර අධිකරණයේ විභාගවන නඩු කිහිපයකටම අවශ්‍යව ඇති බවත් සදහන් ය. මෙම පුද්ගලයා ඩුබායි හි රැඳී සිට කුඩු සළිඳු වෙනුවෙන් මෙරට කුඩු ජවාරම මෙහෙයවා ඇති බවයි වාර්තා වන්නේ. වැඩිදුර විමර්ශන සදහා සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගොස් ඇති අතර ඉදිරි විමර්ශන සිදුකෙරෙමින් පවති. Post navigation මව සහ දියණියන් හතරදෙනෙකු පමණක් සිටි නිවසට පැමිණි කොල්ලකරුවන් කරපු දේ. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) මගින් වාර්ෂිකව සිදු කරන “සමාගම් වාර්තාකරණයේ විනිවිදභාවය පිළිබඳ ඇගයීම” (TRAC) එළිදැක්වෙයි.