ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිණී හර්ෂණි ඉසංකාගේ නවතම රූපලාවන්‍යාගාරය “EVER BEAUTY VIP WELLNESS” නමින් කොහුවලදි අද (09) දින විවෘත කරන ලදී.

මෙම අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිතයන් ලෙස සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය, ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ, රංගන ශිල්පිනී පියුමි හංසමාලී සහභාගී වූ අතර නළු නිලියන්, රුපලාවන්‍ය ක්‍රේෂ්ත්‍රයේ ප්‍රවිනයින් ඇතුළු තවත් ආරාධිත‍යන් රැසක් එක්ව සිටින ලදී.

හර්ෂණී ඉසංකා, දෙස් විදෙස් ප්‍රවීණයන් වෙතින් ක්ෂේත්‍රයේ අධ්‍යාපනය ලබා ඉතාම කෙටි කාලසීමාවක් තුලදී
රූපලාවන්‍ය උපදේශනයේ ඉහල තලයකට පත්වූ රූපලාවන්‍ය ආචාර්යවරියකි. දිවයින පුරා දස දහස් ගණනක ශිෂ්‍ය ප්‍රජාවක් බිහිකිරීමට සමත්ව සිටින ඇය සිය සිසුන්ට සැමවිටම නිවරදි රූපලාවන්‍ය විධික්‍රම ගැන අවබෝධය ලබාදීමට කටයුතු කරනු ලබයි.

අද දින සිට 45/C, සුනේත්‍රාදේවි පාර, කොහුවල, නුගේගොඩ ලිපිනයේ පිහිටි මෙම අංගසම්පූර්ණ නව රූපලාවන්‍යාගාරයෙන් micro-needling, BB Glow, Lip Blush, Microblading, Eyelash Extensions, Dermal Fillers, Lip Fillers, Hair Extensions, Acrylic යන අත්දැකීම් මෙන්ම, Nails, සහ Lash Lifting
ඇතුළු සියළුම රූපලාවන්‍ය සේවා ඔබේ සුවපහසුව සලසමින් අඛන්ඩව ලබාගත හැකි බව “EVER BEAUTY VIP WELLNESS” අධිපතිනී හර්ෂණී ඉසංකා මහත්මිය සදහන් කලාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *