සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග 09,11 සහ 14 යන තෙදින පැවත්වීමට නියමිත එක්දින තරග ත්‍රිත්වය සදහා තරග සංචිතය අද (08) නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරන ලදී.

මෙහිදී හිටපු නායක දසුන් ශානක ඉවත් කර චාමික කරුණාරත්න ඒ වෙනුවට කණ්ඩායමට ඇතුලත් කර ඇති අතර කුසල් මෙන්ඩිස්ට නායකත්වයේ වගකීම ලබාදී ඇත.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන පලමු එක්දින ජාත්‍යන්තර තරගාවලිය හෙට (09) සවස 2.30 ට පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.

ඒ අනුව එක්දින සංචිතයට ඇතුලත් ක්‍රීඩකයින් වන්නේ,
කුසල් මෙන්ඩිස් (නායක)
චරිත් අසලංක (උප නායක)
පැතුම් නිස්සංක
අවිශ්ක ප්‍රනාන්දු
සදීර සමරවික්‍රම
ජනිත් ලියනගේ
වනිඳු හසරංග
මහීෂ් තීක්ෂණ
දුෂ්මන්ත චමීර
දිල්ශාන් මදුශංක
ප්‍රමෝද් මදුශාන්
සහන් ආරච්චිගේ
අකිල ධනංජය
දුනිත් වෙල්ලාලගේ
චාමික කරුණාරන්ත
ශෙවෝන් ඩැනියෙල්

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *