Post Views: 266 මෙරට ජන සමාජයේ බොහෝ විටදී අහන්න දකින්න ලැබෙන්නේ රටේ දේශපාලකයන්ට මිනිසුන් හතර අතේ දෙස් දෙවොල් තබමින් බනින ආකාරයයි. අපේ රටේ මිනිසුන්ගේ දෛනික ජීවිතයේ කුමන හෝ අවස්ථාවක දේශපාලකයන් සමග සම්බන්ධ වීමට සිදුවීම හෝ ජනතාව ඔවුන්ගෙන් උදව් උපකාර බලාපොරොත්තුවෙන් කටයුතු කිරීම මෙම තත්වයට බොහෝ දුරට බලපාන බව පෙනේ. මෙරට ජනතාව මේ ආකාරයට දේශපාලකයන්ට චෝදනා නැගුවද ඇත්ත වශයෙන්ම සිදුව ඇත්තේ අප රටේ සමස්ත ජන සමාජයම දූෂිත සහ අකාර්යක්ෂම තත්වයකට පත්ව තිබීමයි. දශක ගණනාවක් පුරා නීතිය සැමට සමානව සහ සාධාරණව ක්‍රියාත්මක නොවීම නිසා අතෘප්තියට පත් ජනතාව ක්‍රමානූකූලව තමන්ගේ කටයුතු තමන් කෙසේ හෝ ඉටු කරගන්නා තැනකට පත්වීම එක අතකින් කිසිවෙකුටත් දොස් පැවරිය නොහැකි තත්වයකි. මේ සමග පලවන ඡායාරූපයද තවත් එවන් කූඨ උපායක් බව නොතේරෙන අති මහත් බහුතර ජනතාවක තවමත් මේ රට තුල වාසය කරන බව සිහිවෙත්ම රට කිසිදිනක ගොඩ යනු ඇතැයි සිතීම විහිළුවකි. මේ ඡායාරූපයේ සහිත ආකාරයේ හෝ මීට සමාන තවත් විවිධ ක්‍රම උපයෝගී කරගෙන දිනපතා මෙරට ජනතාවගෙන් පිනට කන බොහෝ පිරිසක් රටපුරා සිටින අතරම දිනෙන් දින එම ගොඩට තවත් පිරිස් එක්වන්නේ එය ඉතා හොද ආදායම් මාර්ගයක් බැවිනි. මේ ඡායාරූපයට අදාලව අපි පොඩි ගණිත සමීකරණයක් ගෙන බලමු මෙහි සදහන් වන්නේ තමන් බරවාහන පාඨමාලාවකට ඉල්ලුම් කල බවත් එහි ගාස්තුව රුපියල් 18000 ක් බවත් තමන්ට මුදල් නොමැති නිසා රුපියල් 100 ක ආධාරයක් කරන ලෙසත් ය. මෙම සටහන සමග කුමක් හෝ ස්ටිකරයක් හෝ පින්තූරයක් හෝ ඉතා අඩු මුදලකට ගත හැකි දෙයක් ලබාදීමද කරනු ලබයි. දැන් මේ පුද්ගලයාට එක් බස් රථයකින් 5 දෙනෙකු උපකාර කරතැයි අනුමාන කලහොත් ඔහු දිනකට බස් 20 කට ගොඩ වැදුනහොත් ඔහු උපයන අවම මුදල (100 x 5 x 20 = 10000) රුපියල් 10,000 කි. (මෙය මීට වඩා වැඩිවීමට බොහෝ ඉඩ ඇත) එසේ ඔහු මසකට දින 20 ක් සිදුකල හොත් ඔහුගේ මාසික ආදායම (10000 x 20 = 200000) රුපියල් ලක්ෂ දෙකකි. මාසිකව රුපියල් ලක්ෂ දෙකක ආදායමක් ලැබීමට කුමන අධ්‍යාපන මට්ටමක සිටියත් සාධාරණව තම වෘත්තිය සිදුකරන අයෙකු කලයුතු කැපවීම ඔබට අමුතුවෙන් තේරුම් කර දියයුතු නැතැයි සිතමි. මෙවැනි දේට ආධාර උපකාර කරන බොහෝ දෙනෙකු මේ සම්බන්ධව දරනුයේ මෙවන් මතය, “අපි දෙන්නෙ හොදහිතින් එයා මොනවා කලත් අපිට කමක් නැහැ” “අනේ මෙයානම් එහෙම බොරු කරන කෙනෙක් නෙමෙයි පේන්නෙ නැද්ද දැක්කහම” “හැමෝම හොරු නෙමෙයි නෙ” ” මම නම් දෙන්නෙ පිනක් සිද්ද වෙන්න විතරයි” මෙවැනි කුමන පිලිතුරකින් හිත සනසා ගත්තද ඔබ මහන්සි වී උපයන එකදු රුපියලක් හෝ කිසිවෙකුටත් වංචාසහගතව ලබාගැනීමට ඔබ ඉඩ ලබාදෙන්නේ නම් අද රට පත්ව ඇති තත්වයට ඔබද සෘජු ලෙස වගකිවයුත්තෙකි. ලොකූ දේවල් කරන්න පෙර ඔබ අවට සමාජය නිවරදි කරගන්න. එය ඔබේ පවුල තුලින්ම අරඹන්න හැකි සෑම විටෙකම නිවරදි දේ පමණක් කරන්න. තවකෙකුට පෙනෙන ලෙස හෝ වෙනත් අය දකින නිසා පමණක් හොද දේ නොකර එය ජීවිතයේ පුරුද්දක් කර ගන්න. අපට වඩා හොද රටක් උදාවනු ඇත. එක්වන්න අපගේ සමාජ ජාලා සමග වට්ස් ඇප්/WhatsApphttps://chat.whatsapp.com/I3bIbUXEdpG8wz2ub8Tk6o ෆේස් බුක්/facebookhttps://facebook.com/smn24news යූ ටියුබ්/youtubewww.youtube.com/@smn24 වෙබ්/webwww.smn24.lk ටෙලිග්‍රෑම්/Telegramt.me/LDVNftqjNP1hM2Zl ට්විටර්/Twitter (X)twitter.com/smn24lk බ්ලොග්/Bloggerhttps://smn24news.blogspot.com Post navigation ශ්‍රී ලංකාවේ විවිධ ලිංගික අනන්‍යතා සහිත (LGBTQIA+) ප්‍රජාව වෙනුවෙන් සුබදායී පියවර. හිටපු ඇමති ගාමිණී ජයවික්‍රම පෙරේරා අභාවප්‍රාප්ත වෙයි.