එළඹෙන මාර්තු මස 05 දින කොළඹ නෙළුම් පොකුණ රංගශාලාවේදී පැවැත්වෙන දේශීය වෛද්‍ය ව්‍යවසායකත්ව රන් සම්මාන ප්‍රධානෝත්සවය පිලිබදව මාධ්‍යය දැනුවත් කිරීම සදහා වූ සාකච්ඡාවක් පසුගියදා බස්නාහිර පලාත් සෞන්දර්ය නිකේතනයේ දී පැවැත්විණි.

වසර 5000 කටත් වඩා ඈත ඉතිහාසයක් ඇති මෙරට පාරම්පරික වෛද්‍ය කලාව ප්‍රවර්ධනය කිරීමත් මෙරට හෙල ඔසු නිෂ්පාදන ප්‍රවර්ධනය කරමින් ඒ සදහා ජාත්‍යන්තර වෙළෙඳ පල විවර කිරීමත් අරමුණු කරගෙන මෙරට දේශීය වෛද්‍ය ව්‍යවසායකයන් ඇගයීම සදහා පළමුවරට සංවිධානය කරනු ලබන මෙම සම්මාන ප්‍රධානෝත්සවය “GOLDEN INMEDIENS 2023” ලෙසින් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සිදුකෙරේ.

දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන මෙම සම්මාන උළෙලේදී සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව දේශීයව හා ජාත්‍යන්තරව නගාසිටුවීම හා ප්‍රවර්ධනය කිරීමට දායකත්වයක් දක්වන ව්‍යවසායකත්ව අංශ කිහිපයක් සදහා සම්මාන ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සදහන් කරන ලදී.

ඒ යටතේ,
ඖෂධ නිෂ්පාදන අංශය
සේවා හා ප්‍රතිකාර අංශය
අමුද්‍රව්‍ය සැපයීම හා ප්‍රතිකාර අංශය
අධ්‍යන හා ප්‍රචාරක අංශය
රූපලාවන්‍ය හා පංචකර්ම අංශය යන ප්‍රධාන ක්‍රේෂ්ත්‍ර යටතේ පූර්ණ ස්වාධීන අධීක්ෂණ මණ්ඩලයක් විසින් පත් කරනු ලැබූ තීරක මණ්ඩලයක් මඟින් මේ සඳහා සුදුසුකම් ලත් නිෂ්පාදන හා සේවා උදෙසා මෙම රන් සම්මාන ප්‍රදානය කිරීම සිදු කරනු ලබන බවත් අමාත්‍යවරයා මෙහිදී සදහන් කරන ලදී.

එමෙන්ම ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමයක් ලෙස ප්‍රචලිත සම්භාහන ක්‍රමවේද විධිමත් කරලීම උදෙසාත් මෙරට හතු පිපෙන්නා සේ බිහිවී සමාජයේ විවිධ අපචාර ක්‍රියාවලට තෝතැන්නක් වී තිබෙන සම්භාහන ක්‍රේෂ්ත්‍රය නිවරදි මගකට ගෙන ඒම සදහාත් Body Mantra ලෙස ආයුර්වේද සුව සත්කාර මධ්‍යස්ථාන පිහිටුවීමට පුළුල් වැඩපිළිවෙලක් දීපව්‍යාප්තව ක්‍රියාත්මක කරලීමට කටයුතු කරන බවත් මේ වනවිට එහි මුලික කටයුතු සියල්ල අවසන් කර ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

එක්වන්න අපගේ වට්ස් ඇප් ගෲපය සමග
Join SMN24Media WhatsApp group
https://chat.whatsapp.com/I3bIbUXEdpG8wz2ub8Tk6o

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *