ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කණිෂ්ඨ කාර්ය මංඩලයේ සේවකයින් දෙදෙනකුට පහරදුන්නේ යැයි කියන චෝදනාවකට එම රෝහලේ පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය ක්‍රිශාන්ත පෙරේරා මහතා අද (18) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඉකුත් 16 දින දිවයින පුරාම සිදුකල සෞඛ්‍ය සේවා වර්ජනයට සහභාගී වීම මුල්කරගෙන ඇතිවූ බහින් බස්වීමක් මෙම පහරදීමට හේතුවීයයි සදහන් වේ. මේ සිදුවීමට විරෝධය පලකරමින් ඊයේ (17) දින රෝහල් කණිෂ්ඨ කාර්ය මංඩලය කරාපිටිය ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ විරෝධතාවකද නිරතවිය.

අනතුරුව අද (18) උදෑසන සිට වෛද්‍යවරු හැර රෝහලේ සමස්ත කාර්ය මංඩලයම විරෝධතාවක නිරතවූ අතර ඔවුන් රෝහල් අධ්‍යක්ෂවරයා සමග සාකච්ඡාවකද නිරතවිය. මේ අතරතුර පොලීසිය විසින් සිදුවීමට අදාල විශේෂඥ වෛද්‍යවරයා ගාල්ල පුද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

Join SMN24Media WhatsApp group
https://chat.whatsapp.com/I3bIbUXEdpG8wz2ub8Tk6o

Leave a Reply

Your email address will not be published. Required fields are marked *