Post Views: 460 (By Kamal Siriwardana) ශ්‍රී ලංකාවේ ජීවත්වන විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන් මුහුණ දෙන අභියෝගයන් ආමන්ත්‍රණය කිරීම සහ ඔවුන්ගේ ඇතුළත්භාවය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව විසින්, යුක්තිය සඳහා සහාය ව්‍යාපෘතියේ (JURE) සහාය ද ඇතිව පසුගියදා සාකච්ඡාවක් සංවිධානය කර තිබිණි. යුරෝපා සංගමයේ අරමුදල්මත සංවිධානය කළ මෙම සංවාදය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ යුනිසෙෆ් (UNICEF) සංවිධානය හා ඒකාබද්ධව අධිකරණ අමාත්‍යංශයේ සහභාගීත්වයෙන් ද යුතුව පැවැත්වීය.මේ සඳහා නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්‍යංශය, කාන්තා හා ළමා කාර්යාංශය, ශ්‍රී ලංකා පොලීසිය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව, සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය ආදී ප්‍රධාන පාර්ශවකරුවන් නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. ශ්‍රී ලංකාවේ ජීවත්වන විවිධ ලිංගික අනන්‍යතා (LGBTQIA+) ඇති ප්‍රජාව අතර සහ සම්බන්ධයක් සහ සන්නිවේදනයක් ඇතිකර ගැනීමේ වැදගත්කම පිළිබඳව උක්ත පාර්ශවකරුවන් නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් අතර ඒකමතික එකඟතාවයක් ගොඩනැඟීම මෙම සංවාදයේ ඉතා වැදගත් ප්‍රතිඵලයක් විය. ඒ අනුව, ශ්‍රී ලංකාවේ සමරිසි, ද්වීරිසි, සංක්‍රාන්ති සමාජභාවී, අන්තර්ලිංගික, ප්‍රශ්නභාවී, අලිංගික (LGBTQIA+) ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් සඳහා කටයුතු කරන සංවිධාන විසින් ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා ඉදිරිපත් කරනු ලබන පරිපූර්ණ යෝජනා මාලාවක් සැලකිල්ලට ගැනීමට උක්ත පාර්ශව එකඟතාවය පළකළහ.අනතුරුව, මෙම යෝජනා ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව වෙත යොමු කිරීමට නියමිත ය. සංක්‍රාන්ති සමාජභාවී (transgender) අනන්‍යතා ඇති පුද්ගලයන් සමඟ කටයුතු කිරීමේදී අනුගමනය කළ යුතු පිළිවෙත් සහ එම ප්‍රජාවගේ ගැටළු ආමන්ත්‍රණය කිරීම සඳහා වූ මාර්ගෝපදේශ ඇතුළත් කරමින් ශ්‍රී ලංකා පොලීසිය විසින් මීට වසර දෙකකට පෙර නිකුත්කළ චක්‍රලේඛයට සමස්ත විවිධ ලිංගික අනන්‍යතා ඇති ප්‍රජාවම ඇතුළත් කිරීම පිළිබඳව සලකා බැලීමට රජය පියවර ගනු ලැබූයේ, විවිධ ලිංගික අනන්‍යතා ඇති ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ ව්‍යාපාරය කල සාධනීය මැදිහත්වීම නිසාමය. එමෙන්ම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පා.ම. ප්‍රේම්නාත් දොළවත්ත විසින් ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් වූ, “දණ්ඩ නීති සංග්‍රහ (සංශෝධන) පනත් කෙටුම්පත” නම් පනත් කෙටුම්පත ඔස්සේ, විවිධ ලිංගික අනන්‍යතා ඇති ප්‍රජාවට නීතියෙන් වෙනස්කොට සැලකීම් සිදුකරන දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365අ යන වගන්ති සංශෝධනය කිරීම යෝජනා කර තීබීම ද වැදගත් පියවරකි.මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ LGBTQIA+ ප්‍රජා ක්‍රියාකාරීන් අතර මිශ්‍ර අදහස් පළවී තිබුණු නමුත් එය 30 වසරක (1994 – 2024) විවිධ ලිංගික අනන්‍යතා ඇති ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් කල අරගලයේ මෑත කාලීන ප්‍රගතියක් ලෙස දැක්විය හැකිය. මන්ද, ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් මෙවන් යෝජනාවක් ඉදිරිපත්කළ ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය වන බැවිනි. මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුවූ අතර, එම පෙත්සම අභියෝගයට ලක්කරමින් අතුරු පෙත්සම් ඉදිරිපත් කිරීමට ප්‍රජා ක්‍රියාකාරීන් ඇතුළු මානව හිමිකම් සුරැකීමට නියැලී සිටින පාර්ශවයන් රැසක් කටයුතු කළහ.ඒ සම්බන්ධයෙන් ඓතිහාසික තීන්දුවක් ලබා දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කර සිටියේ වැඩිහිටියන් අතර ස්වකැමැත්තෙන් සිදුවන සම්මුතිගත සමරිසි ලිංගික සබඳතා ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව උල්ලංඝනය නොකරන බවත්, ඒ අනුව, ඒවා නිර්සාපරාධීකරණය (decriminalisation) කිරීම සඳහා ඉදිරිපත්ව තිබෙන යෝජනාව පාර්ලිමේන්තුවේ සරල බහුතරයක් ඔස්සේ සම්මත කොට නීතියක් බවට ව්‍යවස්ථාපිත කළ හැකි බවත් ය.නවතම පුවත් සදහා වට්ස් ඇප් ගෲපය සමග එක්වන්නJoin SMN24Media WhatsApp grouphttps://chat.whatsapp.com/I3bIbUXEdpG8wz2ub8Tk6o Post navigation නවීන තාක්ෂණය යොදා ගනිමින් අලි – මිනිස් ගැටුම් අවම කිරීමට කටයුතු කරනවා – ඇමති පවිත්‍රා කියයි. ගොනාට ඇන්දවීමේ කලාව ප්‍රගුණ කර ඇත්තේ දේශපාලකයින්ම පමණක්ද ?