Post Views: 284 මාලඹේ කහන්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් සිය දරුවන් තිදෙනා සමඟ වාස පානය කර සිය දිවි නසාගෙන තිබේ. මෙසේ සියදිවි නසාගෙන ඇති කාන්තාව 35 හැවිරිදි වියේ පසුවන බවත් මිය ගිය දරුවන් තිදෙනා ගැහැනු දරුවන් දෙදෙනෙකු හා එක් පිරිමි දරුවෙකු බවත් වාර්තාවේ. ඔවුන් තිදෙනා අවුරුදු 09,08 සහ 07 යන වයස්වල පසුවන්නන් බව ද වාර්තා වේ. මියගිය කාන්තාවගේ ස්වාමි පුරුෂයා මීට දින කිහිපයකට පෙර සිය දිවි හානිකරගෙන තිබූ අතර, ඔහුගේ අවසන් කටයුතු ඊයේ (30) සිදු කර තිබිණි. ඒ හේතුවෙන් ඇති වූ සිත්තැවුලක් මත කාන්තාව ඊයේ රාත්‍රී සිය දරුවන් තිදෙනා සමඟ මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවට පොලීසිය සැක පළ කරයි. දරුවන් තිදෙනා රෝහල්ගත කිරීමටත් පෙර මිය ගොස් ඇති අතර, මව මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරු ව මියගොස් තිබූ බව පොලීසිය සඳහන් කළේය.සිය දිවි නසාගැනීමකට සිතුනහොත් වහාම අමතන්න.උපකාරක දුරකථන අංක: ජාතික මානසික සෞඛ්‍ය උපකාරක සේවාව – 1926 (පැය 24 පුරාම ක්‍රියාත්මක දුරකථන සේවාව සහ රාජකාරි වේලාව තුල ක්‍රියාත්මක චැට් සේවාව)CCC Line – 1333 (පැය 24 පුරාම ක්‍රියාත්මක)ලංකා ලයිෆ් ලයින් – 1375 (පැය 24 පුරාම ක්‍රියාත්මක)ශ්‍රී ලංකා සුමිත්‍රයෝ – 0707 308 308 (වට්සැප් 0767520620)ශාන්තිමාර්ගම් – 0717639898 Join SMN24Media WhatsApp grouphttps://chat.whatsapp.com/I3bIbUXEdpG8wz2ub8Tk6o Post navigation Chulakshi Ranathunga 2023 ඇරඹුමට කල පලමු නිරූපණය ඉතාලි ජාතික කාන්තාවගේ දිවි ගලවාගත් ජීවිතාරක්ෂකයෝ.