මෙම උත්සව සමය තුල හිගයකින් තොරව ඛනිජ තෙල් බෙදා හැරීමත් අඛන්ඩ විදුලි සැපයුමක් පවත්වා ගැනීමටත් කටයුතු කරන ලෙස සියළුම බලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සදහන් කරයි.

අඛණ්ඩව විදුලිය සැපයීම සදහා මේ වන විට සැලසුම් කර ඇති සියලුම විදුලි විසන්ධි කිරීම් අත්හිටුවන ලෙසත් අමාත්‍යවරයා
විදුලිබල මණ්ඩලයට උපදෙස් ලබා දී තිබේ. නඩත්තු කටයුතු සදහා නිරතුරුවම විදුලි සැපයුම අත්හිටුවන බවට පාරිභෝගිකයන්ගෙන් ලද පැමිණිලි සමාලෝචනය කිරීමෙන් අනතුරුව අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇත.

සති අන්තයේ නඩත්තු කටයුතු සඳහා අනවශ්‍ය සැලසුම් සහගත විදුලිය විසන්ධිවීම් ද අමාත්‍යාංශය විසින් නිරීක්ෂණය කර අති අතර අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, එමඟින් විදුලිබල මණ්ඩලයට අතිකාල ගෙවීම් සඳහා විශාල මුදලක් වැය වන බවයි.

මේ අතර, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ මාසික පරිහරණ ගාස්තුවක් අයකිරීමේ තීරණය අධිකරණයෙන් ලබා ගත් වාරණ නියෝගයක් මත නතර කල බවත් උත්සව සමයේ කිසිදු හිඟයකින් තොරව ඛනිජ තෙල් බෙදා හැරීම සඳහා සියලුම පිරවුම්හල් එකඟතාවකට පැමිණි බවත් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය සදහන් කරයි.

Join SMN24Media WhatsApp group
https://chat.whatsapp.com/I3bIbUXEdpG8wz2ub8Tk6o

Leave a Reply

Your email address will not be published. Required fields are marked *