පසුගිය නොවැම්බර් 30 වැනිදා බිංගිරිය පොලීසිය ඉදිරිපිටදී ප්‍රවෘත්ති වාර්තාකරණයක් අතරතුර පොලිස් නිලධාරීන් විසින් ජාතික රුපවාහිනියේ බිංගිරිය වාර්තාකරු දිනෙත් කුමාර මහතාට පහර දී කැමරා ආම්පන්න උදුරගෙන ඔහුව අත්අඩංගුවට ගෙන පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මුදා හරින ලදී.

එහිදී බිංගිරිය පොලීසිය විසින් කැමරා උපකරණ රඳවා තබාගැනීම හේතුවෙන් ප්‍රාදේශීය මාධ්‍යවේදී දිනෙත් කුමාර මහතාගේ වෘත්තීය කටයුතු කරගෙන යාමට නොහැකි තත්වයක් උදා වී ඇත.
සිදුවීමට අදාලව සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලමින් හා දිනෙත් කුමාර මහතා හට කැමරා උපකරණ ලබාගැනීම සඳහා “පොල් කට්ටෙන් එකතු කරමු කැමරාවක් අරන්දෙමු!” මැයෙන් සහෝදර මාධ්‍යවේදීන් එක්ව ආධාර එකතු කිරීමේ වැඩසටහනක් පසුගියදා (18) කුරුණෑගල නගර මධ්‍යයේ පැවැත්විය.

මෙම ආධාර එකතු කිරීමේ වැඩසටහන දින 30ක් දක්වා ඉදිරියට සිදු කරගෙන යන බව මාධ්‍යවේදීන් පැවසු අතර, සිදුවීමට සාධාරණයක් ඉටුකරන ලෙස ඉල්ලා වයඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සංදේශයක්ද බාරදෙන ලදී.
මේ සඳාහා අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ , වයඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, සීමාසහිත ජනමාධ්‍යවේදීන්ගේ සමුපකාර සංගමය, ශ්‍රී ලංකා ජනමාධ්‍යවේදීන්ගේ ක්‍රියාකාරී එකමුතුව ඇතුළු මාධ්‍ය සංවිධාන රැසක් සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *