2024 වසර සදහා රජය විසින් ඉදිරිපත් කල අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරුවේ (13) සිදු කෙරුනි.

මෙහිදී, අය වැයට පක්ෂව ඡන්ද 122 ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 81 ක් පමණි. අද දින මේ වනවිට පාර්ලිමේන්තු සේවය අත්හිටුවා සිටි මන්ත්‍රීවරුන් තිදෙනෙකුටද අයවැය අවසන් ඡන්ද විමසීමට සහභාගි වීමට අවස්ථාව සලසා තිබුණි.

පසුගිය මස 13 වනදා අයවැය ඉදිරිපත් කළ අතර මසක් පුරා පැවති විවාදය අදින් අවසන් විය. පාර්ලිමේන්තුව යලි ජනවාරි 09 වනදා රැස් වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *