Post Views: 225 ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මුල්‍ය සේවා සපයන ආයතනයක් සහ ජනශක්ති සමූහයට අයත් ආයතනයක් වූ Orient Finance PLC සිය ශාඛා ජාලයේ නවතම ශාඛාව කිරිබත්ගොඩ නගරයේ විවෘත කළේය. තම සේවාදායකයන්ගේ අවශ්‍යතාවයන් වටහා ගනිමින් ඔවුන්ට සුවපහසු වඩාත් සමීප සේවාවක් ලබාදීමේ මුඛ්‍ය අරමුණ පෙරදැරි කරගත් Orient Finance PLC ආයතනය එම ඉලක්කය වෙත යාමේ තවත් සුවිශේෂී මඟ සළකුණක් ලෙස මෙම කිරිබත්ගොඩ ශාඛාව විවෘත කිරීම හැඳින්විය හැක. ශ්‍රී ලංකාව පුරා වඩාත් ශක්තිමත්ව ගොඩනැංවෙන තම ශාඛා ජාලයේ 32 වැනි ශාඛාව ලෙස කිරිබත්ගොඩ නව ශාඛාව රටට විවෘත වෙයි. පසුගිය මුල්‍ය වර්ෂය පුරා සිය සේවාදායකයන් සමග ඇති සම්බන්ධතාවය ශක්තිමත් කිරීම සහ සේවා පහසුකම් වර්ධනය කිරීම උදෙසා සිදුකරන කාර්යභාරයේ එක් පිළිබිඹුවක් ලෙස වඩාත් පහසුකම් සහිතව සිය ශාඛා නැවත ගොඩනැංවීම මෙන්ම සේවාදායකයන්ට පහසුවෙන් ලඟා විය හැකි ස්ථානය වලට ශාඛා ගෙන යාම ආදී කාර්ය පෙන්වා දිය හැක. සිය සේවාදායකයන්ට වඩාත් කාර්යක්ෂමව විශාල පරාසයක පැතිරුණු මුල්‍ය සේවාවන් සමීප කිරීමේ සැබෑ ආයතනික අරමුණ සාක්ෂාත් කරගැනීම උදෙසා සිදුකර ගෙන යන වැඩසටහනේ එක් සන්ධිස්ථානයක් ලෙස මෙම අවස්ථාව අපට සැළකිය හැක. එසේම කිරිබත්ගොඩ නගරය වෙළඳ නගර කලාපයක් ලෙස ප්‍රචලිතව ඇති බැවින් එම නගර කලාපයේ සිටින පුද්ගලයන්ට සහ ව්‍යාපාරව වලට Orient Finance PLC කිරිබත්ගොඩ ශාඛාව විවෘත වීමත් සමග විශාල පරාසයක පැතුරුණු මුල්‍ය සේවා පහසුකම් එකම ස්ථානයකින් ඉටුකර ගැනීමේ අවස්ථාව උදාවෙයි. “පුද්ගල අවශ්‍යතාවයන්ට වඩාත් ගැළපෙන සහ සාම්ප්‍රදායෙන් බැහැරව සීමා මායිම් අභිබවන මුල්‍ය සේවාවන් ජනතාව වෙත සමීප කිරීමට ඇති හැකියාව Orient Finance PLC හී සුවිශේෂීත්වය කියලා අපි හිතනවා. සේවාදායකයන්ට වඩාත් දැනුවත් තීරණ ගැනීමට සහ තමන්ගේ ඉලක්ක වෙත යාමට අවශ්‍ය පරිපූර්ණ මුල්‍ය විසඳුම් ලබාදීමට කිරිබත්ගොඩ අලුතින් විවෘත කළ ශාඛාවේ සිටින පළපුරුදු සේවකයන් ඉතාමත් කැපවීමෙන් කටයුතු කරන්නට සුදානම්ව ඉන්නවා. වඩාත් ස්ථිරසාර වර්ධනයක් ලබාගැනීම වෙනුවෙන් පුද්ගලයන් සහ ව්‍යාපාරවලට අවශ්‍ය පරිපූර්ණ මෙන්ම සාම්ප්‍රදායික සීමා මායිම් අතික්‍රමණය කරන්නා වූ නව්‍ය මුල්‍ය සේවාවක් ලබාදීම අපේ වෘත්තීය කාර්යභාරයයි. ඇත්තටම අපේ අලුත් ශාඛාවට ඇවිත් අප ලබාදෙන සුවිශේෂී මුල්‍ය සේවාවන් ගැන වඩාත් සමීප අත්දැකීමක් ලබාගන්නා ලෙස අපි අපේ සියලු සේවාදායකයන්ට සහ නව පාරිභෝගිකයන්ට ආරාධනා කරනවා.” යැයි Orient Finance PLC ආයතනයේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී කේ.එම්.එම් ජබීර් මහතා පැවසීය. Post navigation තරුෂි කරුණාරත්න මීටර් 800 න් රන් පදක්කම දිනා ගනී. Hayleys Plantation hosted an international sustainability summit at BMICH, Colombo today.