Post Views: 285 ආසියානු ශූරතාවලියේ කාන්තා මීටර් 400 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට නදීෂා රාමනායක සමත් වේ. ශ්‍රී ලංකාව අවසන් වරට කාන්තා මීටර් 400 ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ 2000 වසරේ ආසියානු ශූරතාවලියේදී වත්මන් තරග වාර්තාවට හිමිකම් කියන දමයන්ති දර්ශා විසිනි. ඉන් වසර 23 කට පසුව නදීෂා රාමනායක විසින් මෙවර එහි රන් පදක්කම දිනාගනු ලැබුවේ තත්ත්පර 52.61 ක් වාර්තා කරමිනි. එය ඇගේ පුද්ගලික හොඳම දක්ෂතාව වන අතර එය මීටර් 400 ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවකගේ තුන්වැනි හොඳම දස්කම වේ. නදීෂා ලබාගත් රන් පදක්කමත් සමගම ඇය ආසියානු ශූරතාවලියේ ඒකල රන් පදක්කමක් දිනූ 8 වැනි ශ්‍රී ලාංකිකයා බවට ද පත්ව ඇත. නදීෂාගේ පළමු ජාත්‍යන්තර පදක්කම වූයේ 2013 වසරේ පැවති දකුණු ආසියානු කනිෂ්ඨ ශූරතාවලියේදී මීටර් 800 රිදී පදක්කමයි. Post navigation Cinnamon Air, launch of scheduled flights to Jaffna තරුෂි කරුණාරත්න මීටර් 800 න් රන් පදක්කම දිනා ගනී.