Post Views: 321 තායිලන්තයේ පැවැත්වෙන ආසියානු මලල ක්‍රීඩා තරාවලියේ ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් දෙකක් දිනාදීමට, නදීශා ලේකම්න්ගේ සහ ගයන්තිකා අබේරත්න සමත් වුණා.මීටර 1500 කාන්තා ධාවන ඉසව්වේ ගයන්තිකා අබේරත්න විනාඩි 4 යි, තත්පර 14 යි, දශම 3 යි 9 ක කාලයක් වාර්තා කරමින්, ලෝකඩ පදක්කම දිනාගත්තා. රන් සහ රිදී පදක්කම් හිමි වූයේ ජපානයටයි.හෙල්ල විසි කිරීමේ කාන්තා ඉසව්වේදී නදීකා ලේකම්ගේ ද ලෝකඩ පදක්කමක් හිමිකර ගත්තා. දැක්වූ දක්ෂතාවය මීටර 60 යි දශම 9 යි 3 ක්. නදීශා දැක්වූ මෙම දක්ෂතාවය නව ශ්‍රී ලංකා වාර්තාවක් ද වනවා.මේ අතර මීටර 400 පිරිමි ධාවන ඉසව්වේ අවසන් පූර්ව තරග සඳහා සහභාගි වූ අරුණ දර්ශන සහ රජිත රාජකරුණා හෙට දිනයේ පැවැත්වෙන මීටර 400 පිරිමි අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තා. Post navigation SLT-MOBITEL කොළඹ රාජකීය විද්‍යාලයීය රග්බි කණ්ඩායමේ, නිල දුරකථන සන්නිවේදන හවුල්කරු වෙයි. Cinnamon Air, launch of scheduled flights to Jaffna