ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක, SLT-MOBITEL, කොළඹ රාජකීය විද්‍යාලයේ රග්බි කණ්ඩායමේ නිල දුරකථන සන්නිවේදන සේවා හවුල්කරු බවට පත් වී සිටියි. කොළඹ රාජකීය විද්‍යාලයීය රග්බි කණ්ඩායම මේ වනවිට අන්තර් පාසල් රග්බි ශූරතා තරඟාවලියට සහභාගී වීමට සූදානමින් සිටින අතර, ඉන් අනතුරුව මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමඟ පැවැත්වෙන සුප්‍රකට Bradby Shield වාර්ෂික තරඟයට ඔවුන් සහභාගී වනු ඇත. පසුගිය වසර 6 දීම Bradby කුසලානය දිනාගැනීමට කොළඹ රාජකීය පිල සමත් වූ අතර, මෙම වසරේදී ද එම ජයග්‍රහණය තමන් සතු කරගැනීම රාජකීය පිලේ බලාපොරොත්තුව වී තිබේ. එම බලාපොරොත්තුව යථාර්ථයක් කරගැනීමට දිරිදෙන අතරම, රටේ ක්‍රීඩා ක්ෂේත්‍රය නංවාලීමේ උත්සාහයේ තවත් පියවරක් ලෙස SLT-MOBITEL මෙලෙස කොළඹ රාජකීය විද්‍යාලයේ රග්බි කණ්ඩායමට අනුග්‍රාහකත්වය ලබාදීමට කටයුතු කළේ ය.

වාර්ෂික රග්බි ක්‍රීඩා තරඟ සමය දීර්ඝ කාලයක පටන් රටේ ප්‍රධාන පාසල් රාශියක් අතර සුහදත්වය වර්ධනය කිරීම සඳහා මහඟු කාර්යභාරයක් ඉටුකර තිබේ. එමෙන්ම එය ජය හා පරාජය සම සිතින් විඳගැනීමට රටේ දරු පරපුර හුරු කරවයි.

වමේ සිට: රාජකීය විද්‍යාලයීය සංගමයේ ලේකම් වෛද්‍ය (කර්නල්) හිරාන් විමලරත්න, රාජකීය විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විදුහල්පති එම්. වී. එස්. ගුණතිලක, SLT ප්‍රධාන විධායක නිලධාරී ජනක අබේසිංහ, MOBITEL ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සුදර්ශන ගීගනගේ, RCRMOC සභාපති අතුල මුණසිංහ සහ රාජකීය විද්‍යාලයේ රග්බි උපදේශන කමිටුවේ ලේකම් සුල්කර් හමීඩ් යන මහත්වරුන්

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *