Post Views: 280 ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ නව යුගයක ආරම්භය සනිටුහන් කරමින් හේලීස් සමූහයේ භාණ්ඩ ප‍්‍රවාහන සහ ක‍්‍රමෝපාය (Transportation and Logistics) අංශය වන Advantis, මෙරටට සම්ප‍්‍රාප්ත වුණු Cordelia Cruises සමාගමට අයත් Ms Empress නම් අති සුඛෝපභෝගී මගී නෞකාව සාදරයෙන් පිළිගත්තේය. ඉන්දියාවේ ප‍්‍රමුඛතම නැව් සමාගමක් වන Cordelia Cruises සමඟින් ඇති කරගත් මෙම නව හවුල්කාරිත්වය උපරිම ලෙස භාවිත කරමින් චෙන්නායි සිට සංචාරකයින් 1,600 ක් රැගෙන සිය මංගල ජාත්‍යන්තර ගමන ලෙස හම්බන්තොට වරායට සපැමිණි මෙම සුඛෝපභෝගී නැව Advantis කණ්ඩායම උණුසුම් ලෙස පිළිගත්තේය. මෙම නැවෙන් පැමිණෙන මගීන්ට මල් මාලා පළඳවමින් සාම්ප‍්‍රදායික උඩරට නර්තන ශිල්පීන් සහ බෙර වාදකයින් සමඟින් සම්මිශ‍්‍ර වූ ශ‍්‍රී ලාංකික සත්කාරකත්වය අත්විඳීමට මෙහිදී මගින්ට හැකි විය. Advantis සහ Cordelia Cruises සිය ප‍්‍රවීණත්වය සහ සම්පත් ඒකාබද්ධ කිරීමත් සමඟින්, ශ‍්‍රී ලංකාවේ සුවිශේෂත්වය ලෝකයට විවර කිරීමටත් පෙර අත් නොවිඳි ආකාරයේ සුවිශේෂී අත්දැකීම් සොයා යන සුඛෝපභෝගී සංචාරකයින් සඳහා වන ඉහළ පෙළේ ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම ඔවුන්ගේ ඉලක්කය වෙයි. MS Empress විවිධ කාණ්ඩ පහක් යටතේ කැබින් 796 කින් සමන්විත වෙයි. අති නවීන පහසුකම්වලින් සපිරි ඒ සෑම කැබින් එකක්ම එහි ගමන් ගන්නා මගීන් 1,600 කට අසමසම සුඛෝපභෝගී අත්දැකීමක් ලබා දෙයි. එහි මගීන්ට දිවයින වටා අමතක නොවන අත්දැකීමක් ලබා දෙමින් මෙම නැව 2023 ජුනි 5 වන දින චෙන්නායි වරායෙන් ශ‍්‍රී ලංකාව වෙත සිය මංගල ගමන ඇරඹීය. Advantis සමූහයේ සංචාරක සහ ගුවන් සේවා (Travel and Aviation) අංශය මෙහි විකුණුම් නියෝජිතයා ලෙස කටයුතු කරන අතර Advantis සමූහයේ අනුබද්ධිත සමාගමක් වන Clarion Shipping ශ‍්‍රී ලංකාව තුළ Cordelia Cruises සඳහා වරාය කටයුතු නියෝජිතවරයා ලෙස කටයුතු කරනු ඇත. Post navigation සංචාරක උදාව 2023 ප්‍රදර්ශනය බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී. ගලදාරි හෝටලය වෙනසකට මුල පුරමින් නමත් අළුත් කරයි