Post Views: 323 මේ දිනවල අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තට සිදු කිරීමට ඇත්තේ “මරණ තුනක් ඇති මිනිසෙක් කිරි කෑවාය” වැනි වැඩක් ය. එක් පසෙකින් ගුරු වෘත්තීය සමිතිවල ඉල්ලීම් හා තර්ජන ගර්ජනය. අනික් පසින් විභාග පිළිතුරු පත්‍ර බැලීම වර්ජනය කරමින් විශ්ව විද්‍යාල ආචාර්යවරු කරන සටනය. තවත් පසෙකින් තම ජීවිතයේ අනාගත කඩඉම ගැන බලාපොරොත්තු තබාගෙන සිටින මෙරට ශිෂ්‍ය ප්‍රජාවය. මේ සියළුම කාරනා මැද අධ්‍යාපන ඇමතිට මුහුණ දීමට සිදුව ඇති බරපතලම ගටළුව නම් ඉතාම අමාරුවෙන් ලබාගත් ඇමතිකම රැකගන්නේ කෙසේද යන ප්‍රශ්ණයයි. මේ වන විටදී මෙම අමාත්‍යාංශය සදහා නම් දෙකක් ජනපති වෙත යෝජනා වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ජනපතිගේ පාර්ශවයෙන්ද කොළ එළියක් දැල්වී තිබෙන වටපිටාවක අධ්‍යාපනයේ අර්බුද ඇතිවීම සුසිල්ට මහත් ගැටළුකාරී තත්වයක් උද්ගතකරයි. මෙරට දේශපාලනයේ දශක තුනකට වැඩි කාලයක් අත්දැකීම සහිත අමාත්‍යංශ ගණනාවක ඇමතිධූර හොබවා ඇති පරිණත දේශපාලකයෙකු වන සුසිල් ප්‍රේමජයන්ත මහතා සුදුසු තැනට ඇණේ ගැසීමට අති දක්ෂයෙකි. කෙසේ වෙතත් ඔහු සමග කටයුතු කිරීම පරිපාලන නිළධාරීන්ට නම් පහසු කටයුත්තක් නොවන බව බොහෝ දෙනෙකුගේ මතයයි. සුසිල් අමාත්‍යාංශය බාරගන්නා විට එහි ලේකම්ව සිටියේ මහාචාර්ය කපිල පෙරේරා ය. ඔහුත් සමග ගැටළු ඇතිකර ගැනීමෙන් පසු අමාත්‍යාංශය සදහා ලේකම් ලෙස පත් වූයේ එම් එන් රණසිංහ ය. දැන් වාර්තාවන ආකාරයට තමන් අමාත්‍යවරයා ලෙස සකස් කරන කැබිනට් පත්‍රිකා පවා අමාත්‍ය මංඩලය වෙත ඉදිරිපත් නොකර ප්‍රමාද කරමින් ලේකම්වරයා විසින් අත්තනෝමතිකව කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසා ඇත. මෙයට අමතරව අතිරේක ලේකම්වරියක්ද අමාත්‍යවරයාගේ මතයට එරෙහිව කටයුතු කරන බව පල කරමින් ඇය වෙනත් අමාත්‍යාංශයකට මාරු කිරීමට කටයුතු කර ඇති බවකුත් අමාත්‍යාංශ ආරංචි මාර්ග සදහන් කරයි. මේ පිළිබදව විමසීමේදී අමාත්‍යාංශයේ අයෙකු සදහන් කරන ලද්දේ මේ වන විටදී අමාත්‍යවරයාගේ පුතා පෞද්ගලික ලේකම් ලෙසත් ලේලිය තානාපති සේවයේ තනතුරකටත් පත්කර පවුලේ ඥාතීන්ට අමාත්‍ය පෞද්ගලික කාර්ය මංඩලයේ තනතුරු ලබාදී තිබෙන වටපිටාවක ඇමතිධූරය අහිමිවුවහොත් වන පාඩුව විශාල නිසා කෙසේ හෝ තනතුර රැකගැනීමට අමාත්‍යවරයා කටයුතු කරනු ඇති බවයි. Post navigation වෘත්තීය සමිති කඹ ඇදිලි මැද වාර්ෂික සමෘද්ධි අවුරුදු උත්සව අද දිවයින පුරා අජිත් රෝහණගේ මාරුවීමට එරෙහිව ටිරාන් සමග සටනට ?