ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ “සේවක සංගමය” විසින් සංවිධානය කරන ලද “ස්පන්දන” සංගීතමය වැඩසටහන ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ගරු චාමර සම්පත් දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පිහිටි අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (05) පැවත්විණි.

ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ කාර්ය මංඩලය විසින් ඉතා විචිත්‍රවත් ලෙස සංවිධානය කර තිබූ මෙම සංගීත වැඩසටහන සදහා ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති විරාජ් ඩී සිල්වා, අධ්‍යක්ෂ ජනරාල් මංගල විජේනායක සහ ආගමන විගමන දෙපාර්තමේන්තු පාලක හර්ෂ ඉලුක්පිටිය යන මහත්වරුන්ද ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගී විය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *