Post Views: 497 ඉතාලියේ පදිංචි ශ්‍රී ලාංකික තරුණ සිනමා නිර්මාණකරුවෙකු වන එවන් ප්‍රනාන්දු ගේ කුළුදුල් සිනමා නිර්මාණය “සිංඥෝරා” (signora) විශේෂ දර්ශනයක් කොලඹ සිටි සෙන්ටර් Scope Cinemas හීදී ප්‍රදර්ශනය කරන ලදී. 2015 වසරේදී ඉතාලියේ සිදුවූ අපරාධමය සත්‍ය සිදුවීමක් පාදක කරගෙන නිර්මාණය කර ඇති මෙම සිනමා පටය සදහා රංගනය හා අනිකුත් සියළු කටයුතු සදහා ශ්‍රී ලාංකිකයන් මෙන්ම ඉතාලි ජාතිකයන්ද සම්බන්ධ කරගෙන තිබෙන බව අධ්‍යක්ෂක එවන් ප්‍රනාන්දු පැවසීය. නව තාක්ෂණික ප්‍රයෝග මෙන්ම වත්මන් පරපුර අතර ඉතාම ප්‍රචලිත සමාජ මාධ්‍ය දර්ශන මගින් සිනමාපටයේ කුතුහලය ඉහල නංවා ඇති අතර එය ප්‍රේක්ෂකයන්ට නවමු අත්දැකීමක් එක්කරන්නකි. ඉතාලියේ දී මේ වන විට ප්‍රදර්ශනය ආරම්භ කර ඇති “සිංඥෝරා” (signora) එරට ශ්‍රී ලාංකිකයන් අතර පමණක් නොව ඉතාලි ජාතිකයන් අතර පවා ඉහල ප්‍රසාදයක් ලබමින් ඇති බව අධ්‍යක්ෂක එවන් පැවසීය. සුදේශ් නිලුක්ෂාන් ගේ මනබන්දනීය සංගීතයෙන් රසාලිප්තවූ “සිංඥෝරා” (signora) කුතුහලය සමග ආදරය තුල ඇති ආශාවන්ද පෙන්නුම් කරන සිනමා පටයකි. “සිංඥෝරා” (signora) විශේෂ දර්ශනයේ අවස්ථා පහත සබැදියෙන් බලන්න… https://www.facebook.com/smn24news/posts/pfbid0yDmY4AK1hLY7goJ81FZs1QnaMyYMeyar9ur85xWoBYyAuBVyZXB6jrNCN6vdsKKRl Post navigation උදාර පල්ලියගුරුගේ නවතම සිනමා නිර්මාණය රුහිරේ ප්‍රදර්ශනය ඇරඹේ. සද්ධර්මපුන්ඩරික සූත්‍රය සිංහලින් දෙසුමට ආ අවලෝකීතේශ්වර.