Post Views: 626 හේමාස් රෝහල් ජාලය විසින් පසුගිය කොවිඩ් ව්‍යසනයෙන් අනතුරුව පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක වැඩසටහන් ආරම්භ කළ අතර ඒ යටතේ පසුගිය වසරේ මැයි මස සිට සෑම මසකම පොහොය දිනයේදී තලවතුගොඩ සහ වත්තල හේමාස් රෝහල් ආශ්‍රිතව දිවා ආහාර පරිත්‍යාග කිරීම සහ නොමිලයේ වෛද්‍ය සායනයක් පවත්වන ලදී. එම ප්‍රජා සත්කාරක වැඩසටහන යටතේ තලවතුගොඩ හේමාස් රෝහල මගින් මේ මස පොහොය දිනය යෙදුනු අද (06) දින වෛද්‍ය සායනය හා ජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන දිවා ආහාර පරිත්‍යාගය තලවතුගොඩ හේමාස් රෝහල් පරිශ්‍රයේදී සිදු කරන ලදී. මෙම වැඩසටහන යටතේ අද දින තලවතුගොඩ ප්‍රදේශය හා ඒ අවට 1500 ක ජනතාවක් සඳහා දිවා ආහාර ලබා දීම සිදු කළ අතර ඊට අමතරව පැමිණි සියලු දෙනාටම නොමිලේ වෛද්‍ය සායනයෙන් අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ සිදු කර ගැනීමේ පහසුකමද සලසා තිබුනි. මෙම අවස්තාවට තලවතුගොඩ හේමාස් රෝහලෙහි අධ්‍යක්ෂ/සාමාන්‍යාධිකාරී වෛද්‍ය ප්‍රදීප් එඩ්වඩ්, මෙහෙයුම් කළමනාකාර චාමින්ද කොඩිකාර, පහසුකම් කලමනාකාර තුෂාර ප්‍රදීප්, ව්‍යාපාර සංවර්ධන කළමනාකාර අංජන ක්‍රෑමර් යන මහත්වරු ඇතුළු ආයතනික කාර්යය මණ්ඩලය සහභාගී විය. තවත් දසුන් පහත සබැදියෙන්.. https://www.facebook.com/smn24news/posts/pfbid037ELvzSaQfz4qdAenFKPHqNxHbUKJK6sx6ZWKkJJKt4SpnwfXofnZ1JrkvvpnzJ29l Post navigation ඩර්ඩන්ස් රසායනාගාර සේවය පාදුක්ක නගරයට. FACETS Sri Lanka Premier Edition gem & jewellery exhibition inaugurated