Post Views: 303 මෙරට ප්‍රමුඛතම සෞඛ්‍ය සේවා සපයන්නෙකු වන ඩර්ඩන්ස් රෝහල් සමූහය තම රසායනාගාර පහසුකම පාදුක්ක නගරයට ද ව්‍යාප්ත කිරීමට කටයුතු කරන ලදී. පාදුක්ක හා ඒ අවට ජනතාවට විශාල පහසුවක් සලසමින් ඩර්ඩන්ස් රසායනාගාර ශාඛාවක් පාදුක්ක කොළඹ පාරේ අංක 53 දරන ස්ථානයේදී අද (16) විවෘත කරන ලදී.මෙම අවස්ථාවට සීතාවක ප්‍රාදේශීය සභා සභාපති ජයන්ත රෝහණ, ප්‍රාදේශීය සභා මන්ත්‍රී අයෝම මධු ප්‍රසාද් යන මහත්වරු සහභාගී වූ අතර ඩර්ඩන්ස් රෝහල් සමූහය නියෝජනය කරමින් ක්ලිෆර්ඩ් මාර්ලින් (ජ්‍යෙෂ්ඨ කළමනාකාර – රසායනාගාර මෙහෙයුම්), ලක්ෂාන් වඩුගේ (ජ්‍යෙෂ්ඨ කළමනාකාර ව්‍යාපාර සංවර්ධන), මයෝමි ද සිල්වා (රසායනාගාර කළමනාකාරිණී), සුදේශ් කරුණාතිලක (රසායනාගාර ඉංජිනේරු), නදුන් රාජපක්ෂ (ව්‍යාපාර සංවර්ධන විධායක) හා අසංක සරච්චන්ද්‍ර (ව්‍යාපාර සංවර්ධන විධායක) යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී විය. අද විවෘත කළ මෙම රසායනාගාරය මගින් මහජනතාවට ඩර්ඩන්ස් රෝහල හා ඍජුවම සම්බන්ධ වීමේ හැකියාව පවතින බවත් ඕනෑම රසායනාගාර පරීක්ෂණයක් ඉතාම විශ්වාසවන්තව කෙටි කාලසීමාවක් තුළ සිදු කරගත හැකි බවත් ඩර්ඩන්ස් කළමණාකාරීත්වය සඳහන් කරයි. මෙයට අමතරව පාදුක්ක නගරයේ ජංගම රසායනාගාර සේවාවද මෙම රසායනාගාරය මගින් සිදු කිරීමට අවශ්‍ය කටයුතු කර ඇති අතර දුරකථන ඇමතුමක් මගින් තමන් සිටින ස්ථානයටම පැමිණ රසායනාගාර පරීක්ෂණ සදහා අවශ්‍ය සේවාව ලබා දීමට මෙහි කාර්ය මංඩලය කටයුතු කරනු ලබයි. Post navigation OPENING OF TOYOTA LANKA FULLFILMENT CENTER COINSIDES WITH 70 YEARS OF SRI LANKA JAPAN RELATIONSHIP. හේමාස් රෝහල් ප්‍රජා සත්කාරක වැඩසටහන මගින් මෙවරත් ජනතාවට නොමිලයේ දිවා ආහාර සහ වෛද්‍ය සායනයක්.