පාර්ලිමේන්තු මංත්‍රී මහින්ද සමරසිංහ මහතා තම මංත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. ඒ මහතා පසුගිය මැතිවරණයේදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ කළුතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරි පත්විය.

වාර්තාවන තොරතුරු අනුව, සමරසිංහ මහතා ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස හෝ එක්සත් ජාතින්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තනතුර හෝ භාර ගැනීමට බලාපොරොත්තු වේ.

නිව්යෝර්ක්හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේ 76 වන සැසිවාරයෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනට පැමිණීමෙන් පසු ඔහු සිය ඉල්ලා අස්වීම ඉදිරිපත් කිරීමට නියමිත බවත් වාර්තා වේ.

මහින්ද සමරසිංහ මහතා ඉතා පළපුරුදු රාජ්‍යත්‍රාන්ත්‍රිකයෙකි. ඒ මහතා මෙයට පෙර ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රථම ලේකම්වරයා ලෙස ද ජිනීවා හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ උපදේශක ලෙස ද කටයුතු කර ඇත.

ඔහුගේ හිස්වීමෙන් පුරප්පාඩුවන මංත්‍රී ධූරය සදහා ලැයිස්තුවේ ඊලගට සිටිනුයේ ලලිත් වර්ණකුමාර මහතාය.

By admin

One thought on “අලුත් තනතුරකට මහින්ද පාර්ලිමේන්තු මංත්‍රී ධූරයෙන් ඉවත් වෙයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *