උදය කාන්තවර්ණසූරීයගේ විනෝදාත්මක හා ත්‍රාසය පිරි නවතම සිනමා නිර්මාණය “ගින්දරී 3” මංගල දර්ශනය ඊයේ (01) වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාවේදී ජනප්‍රිය සිනමා තරු රැසකගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

“ගින්දරී” සිනමා කථා මාලාවේ 1 හා 2 මෙන්ම ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත් කරන සිදුවීම් මෙම සිනමා නිර්මානයේත් නොඅඩුව භාවිතා කරමින් සාර්ථක සිනමා නිර්මාණයක් මෙරට ජනතාවට ඉදිරිපත් කිරීමට උත්සහා ගෙන ඇති උදයකාන්ත, විශේෂයෙන්ම මෙය පවුලේ සැමට එකට හිද නැරඹිය හැකි ලෙස නිර්මාණය කර ඇති බව මංගල දර්ශනය නැරඹූ ආරාධිතයන් පැවසීය.

වසර 20 කට පෙරදී ගින්දරී 1 සමගින් රටේම අවධානය දිනාගත් ජනප්‍රිය රංගන ශිල්පිනී පබෝධා සංදීපනී මෙහිදීත් ප්‍රධාන චරිතය නිරූපනය කරන අතර ඇයත් සමග මහේන්ද්‍ර පෙරේරා, රොඩ්නි වර්ණකුල, ශ්‍රීනාත් මද්දුමගේ, සමන් හේමරත්න, චුලක්ෂි රණතුංග, ටීනා ශනෙල්, චංචලා වර්ණසූරිය, තරින්ද්‍රි ප්‍රනාන්දු, සරත් කොතලාවල, නිල්මිණි කෝට්ටේගොඩ, සරත් චන්ද්‍රසිරි, ආනන්ද අතුකෝරළ, දිලිප් රෝහණ, කීර්ති රත්නායක, සජීව මල්මාලආරච්චි, උදේනි චන්ද්‍රසිරි, ටිශෝන් වැන්හොෆ්, මර්වින් විජේසිංහ, අනුර ශ්‍රීනාත්, චතුර පෙරේරා, වසන්ත විට්ටචිචි, සිසිර කුමාරතුංග සහ සරත් පීරිස් ආදී තරු රැසක්ද රංගනයෙන් දායක වෙති.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *