Post Views: 308 වාර්ෂිකව පවත්වනු ලබන ශ්‍රී ලංකාවේ ආහාර සහ ඇසුරුම් ක්‍රේෂ්ත්‍රයේ විශාලතම වෙළඳ ප්‍රදර්ශනය ලෙස සැලකිය හැකි ආහාර, පාන සහ ඇසුරුම් ප්‍රදර්ශනය වන Pro Food Pro Pack 2022 අද (18) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රන ශාලා පරිශ්‍රයේදී ආරම්භ විය. අද පැවති සමාරම්භක අවස්ථාවට අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සහභාගී වූ අතර ප්‍රදර්ශනය ඉරිදා (20) දක්වා පැවැත්වේ. මෙහිදී සැකසූ ආහාර සහ පාන වර්ග, ඇසුරුම්කරණය සහ කෘෂිකර්මාන්තයට සම්බන්ධ සියලුම ආයතන සහභාගී වන බැවින් සාමාන්‍ය ජනතාවට පමණක් නොව මෙහා සම්බන්ධ ව්‍යාපාරිකයන්ටද ඉතා වැදගත් අවස්ථාවක් වනු ඇත. Post navigation New Zealand beat Sri Lanka by 65 runs. FACETS Sri Lanka returns with Premier Edition in January 2023