ආදි ආනන්දීය 2005 කණ්ඩායමේ වෛද්‍ය සාරංග වීරසිංහ මහතාගේ සම්බන්ධීකරණයෙන් කුරුණෑගල වෙලගෙදර ආයුර්වේද රෝහලේ කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයට හා වයඹ පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රධානයක් පසුගිය සිකුරාදා (10) දින සිදු කෙරුනි.

මේ පරිත්‍යාගයන් සදහා මෙවර අනුග්‍රාහක දායකත්වය කොළඹ ආනන්ද විද්‍යාලයේ 2009 ආදී ශිෂ්‍ය සංගමය විසින් ලබාදුන් අතර ආදී ආනන්දීයයන් කොවිඩ් ව්‍යසනයේදී පීඩාවට පත් ජනතාව වෙනුවෙන් විවිධ වූ සහන වැඩසටහන් රැසක් පසුගිය කාල සීමාව පුරාවටම සිදු කරන ලදී.

මෙම අවස්ථාවට වැඩසටහන සම්බන්ධීකරණය හා ක්‍රියාත්මක කිරීම සිදු කල වෛද්‍ය සාරංග වීරසිංහ මහතාත් වයඹ පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ කොමසාරිස් අනුර සෙනෙවිරත්න මහතා ඇතුළු නිළධාරීනුත් සහභාගී විය.

අපගේ නවතම යු ටියුබ් නාලිකාව සබ්ක්‍රයිබ් කර සහයෝගය ලබාදෙන්න.
යු ටියුබ් ලින්ක් එක
https://www.youtube.com/channel/UC9HgPn9aW0bQKOSuhVEmtcg

One thought on “ආදී ආනන්දීයයන්ගේ මනුෂ්‍යත්වයේ පරිත්‍යාග තවත් වැඩසටහනක්.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *