Post Views: 405 ආදි ආනන්දීය 2005 කණ්ඩායමේ වෛද්‍ය සාරංග වීරසිංහ මහතාගේ සම්බන්ධීකරණයෙන් නාරම්මල ආයුර්වේද රෝහල වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රධානයක් පසුගිය සදුදා (6) දින එම රෝහල් පරිශ්‍රයේදි සිදු කෙරුනි. නාරම්මල ආයුර්වේද රෝහල පවතින වසංගත තත්වය මත කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙසට ඉතා සාර්ථක මෙහෙවරක යෙදෙමින් විශාල ජනතාවකට සහනයක් සලසමින් කටයුතු කරනු ලබන අතර එම මධ්‍යස්ථානයට අත්‍යවශ්‍යව තිබූ භාන්ඩ වලින් කොටසක් පළමු අදියර ලෙස මෙදින ලබාදීම සිදුකරන ලදී. මේ පරිත්‍යාගයන් සදහා මෙවර අනුග්‍රාහකත්වය ආදී ආනන්දීයන් වන උදාර බණ්ඩාර මහතා (1993 කණ්ඩායම), චතුරංග අමරසේකර මහතා (2001 කණ්ඩායම), හිටපු සභාපති තිළිණ රත්නායක මහතා (2005 කණ්ඩායම), ධම්මික අනුර මහතා හා සතිමන්ත විජේසූරිය මහතා (2005 කණ්ඩායම) විසින් දක්වන ලදී. මෙම අවස්ථාවට වැඩසටහන සම්බන්ධීකරණය හා ක්‍රියාත්මක කිරීම සිදු කල වෛද්‍ය සාරංග වීරසිංහ මහතාත් මධ්‍යස්ථානයේ කාර්‍යභාර වෛද්‍ය නිලධාරි වෛද්‍ය නිහාල් ආනන්ද මහතා සහ එහි කාර්‍ය මංඩල සාමාජිකයනුත් සහභාගි විය. මෙහිදී අදහස් දැක්වූ වෛද්‍ය සාරංග වීරසිංහ මහතා ” කොවිඩ් ව්‍යසනයෙන් පීඩාවට පත් මෙරට ජනතාව වෙනුවෙන් ආදි ආනන්දීයන්ගේ පරිත්‍යාගයන්ගෙන් මේ වන විට විවිධ සමාජ සත්කාර වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබූ බවත් මෙය එම වැඩසටහන් වලම තවත් එක් ව්‍යාපෘතියක් බව ප්‍රකාශ කල අතර මේ අවස්ථාවේ මෙම මධ්‍යස්තානය ආරම්භක අවස්ථාවේ සිට එම කටයුතු මෙහෙය වූ වයඹ පළාත් ආයුර්වේද කොමසාරිස් අනුර සෙනෙවිරත්න මහතාට මෙන්ම මධ්‍යස්ථානයේ කාර්‍යභාර වෛද්‍ය නිලධාරි වෛද්‍ය නිහාල් ආනන්ද මහතාටත් එහි සේවය කරන සියලූම කාර්‍ය මංඩල සාමාජිකයන්ටත් ස්තුතිවන්ත විය.එමෙන්ම විශේෂයෙන් මේ සදහා නිරතුරුවම සහාය දක්වන සියලූම ආදි ආනන්දීයන්ටත් ස්තුතිය පළකරන ලදී. මෙහි දෙවැනි අදියරද ඉතාමත් නුදුරු දිනකදී සිදු කරනු ඇති බවත් මෙහිදී ප්‍රකාශ විය. Post navigation නව වීසා ක්‍රමවේදයක් (Digital Nomad Visa) හඳුන්වා දීමට රජය තීරණය කර තිබේ. ආදී ආනන්දීයයන්ගේ මනුෂ්‍යත්වයේ පරිත්‍යාග තවත් වැඩසටහනක්.