Post Views: 373 සත්කාරක සිංගප්පූරුව ලකුණු 63 ට 53 ක් ලෙසට පරාජය කරමින් ශ්‍රී ලංකාව ආසියානු දැල්පන්දු කුසලානය අපරාජිතව දිනාගැනීමට සමත්විය. සිංගප්පූරුවේ දි රටවල් 11 ක සහභාගීත්වයෙන් පැවති 12 වැනි ආසියානු දැල් පන්දු තරගාවලියේ ශූරතාවය මෙවර ශ්‍රී ලංකාව දිනා ගනු ලැබූයේ 6 වන වතාවටයි. මෙයට පෙර 1989/ 1997/ 2001/ 2009/ හා 2018 දී ශ්‍රී ලංකාව ආසියානු දැල්පන්දු කුසලානය දිනා ගන්නා ලදී. මේ ජයග්‍රහණයත් සමගම ශ්‍රී ලංකා කණ්ඩායම 2023 වසරේ දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ලෝක ශුරතා තරගාවලියට ද සුදුසුකම් ලැබීය. ප්‍රධාන පුහුණුකරු හයිසින්ත් විජේසිංහ සහාය පුහුණුකාරිනිය කුමාරි ගමගේ කළමනාකාරිනි මයුරිනී අනූෂා යන මහත්මීන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නිළධාරී මණ්ඩලය ලෙස කටයුතු කළ අතර ගයාංජලී අමරවංශ ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන් ක්‍රීඩිකාවයි. වසර 2009 සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා කරන ලෝකයේ උසම දැල්පන්දු විඳින්නිය ලෙස වාර්තා පොත් අතරට එක්ව සිටින අඩි 6 අඟල් 11 ක් උසැති 43 හැවිරිදි තර්ජනී සිවලිංගම් රට වෙනුවෙන් තම කැපවීම මෙවර තරගාවලියේ දීත් ප්‍රදර්ශනය කලාය. මෙම ජයග්‍රහණයත් සමඟම තවදුරටත් ආසියානු දැල්පන්දු ශ්‍රේණිගත කිරීම් හි අංක 1 රැක ගැනීමට ශ්‍රී ලංකාව තවදුරටත් සමත් විය විය. ශ්‍රී ලංකාව විසින් සත්කාරක සිංගප්පූරුව මෙවර තරගාවලියේ දී පරාජයට පත් කළ 2 වැනි අවස්ථාව මෙයයි. Post navigation ලෝක පරිසර දිනයට සමගාමීව ජෝන් කීල්ස් පදනම වන වගා ව්‍යාපෘතියක් සාර්ථකව සිදුකරයි. Sri lanka cricket has launched new logo for LPL tournament.