වොයිස් ෆවුන්ඩේෂන් (Voice Foundation) හා රාජගිරිය බෙතනි දේවස්ථානය (Bethany Church) එකමුතුව දේශීය හා විදේශීය පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයද සහිතව සිදුකරනු ලබන ප්‍රජා සත්කාරක සේවාව ප්‍රජා මුළුතැන්ගෙය (Community Kitchen) නමින් සාර්ථකව ක්‍රියාත්මක කෙරේ.

වත්මන් ආර්ථික අර්බුදය හමුවේ තම දෛනික ආහාර සපයා ගැනීමේ ගැටළුවට මුහුණ දී සිටින ප්‍රජාවට සහනයක් වනු පිණිස පිසූ ආහාර ලබාදීමේ වැඩසටහනක් වන ප්‍රජා මුළුතැන්ගෙය ප්‍රථම වතාවට මෙරට ජන සමාජයට හදුන්වා දෙමින් එහි ප්‍රථිලාභ පීඩාවට පත් මිනිසුන් වෙනුවෙන් ලබා දෙන්නාවූ අනගි සමාජ සත්කාරයක් ලෙස මෙම ආහාර ලබාදීමේ වැඩසටහන රාජගිරිය බෙතනි දේවස්ථානය මූලික කොටගෙන මේ දිනවල සිදු කෙරේ.

මෙම සමාජ සත්කාරය මේ වනවිටදී අඛන්ඩව මසකට වැඩි කාලසීමාවක් පුරා සිදුකෙරමින් පවත්වාගෙන යන බවත් මේ වනවිටදී රට පුරා මෙවැනි ස්ථාන 09 ක මෙම කටයුත්ත සාර්ථකව ඉටු කරන බව බෙතනි දේවස්ථානයේ ආනන්ද පෙරේරා මහතා සදහන් කරන ලදී.
මේ වනවිටදී එම සියළුම මධ්‍යස්ථාන හරහා දෛනිකව 1000 ත් 1500 ත් අතර පිරිසකට ආහාර ලබාදීමට කටයුතු කරන බවත් ආඅනන්ද මහතා පැවසීය.

මෙම කටයුත්ත නිරන්තර අධීක්ෂණය කරමින් කටයුතු කරන වොයිස් ෆවුන්ඩේෂන් අධ්‍යක්ෂවරයෙකු වන මොසෙස් ආකාෂ් මහතා සදහන් කලේ පසුගිය කාලසීමාව තුල පීඩාවට පත් ජනතාවට වියළි ආහාර ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්කව පැවතියද පැවති ඉන්ධන, ගෑස්, භූමිතෙල් හිගය නිසා බොහෝ දෙනෙකුට වියළි ආහාර ලබා දුන්නද ඒවා පිස ගැනීමේ ගැටළුව තිබූ නිසා එයට පිළියමක් ලෙස මෙම “ප්‍රජා මුළුතැන්ගෙය” වැඩ පිළිවෙල ආරම්භකල බවත් ය.

මේ සදහා දේශීය මෙන්ම විදේශීය පරිත්‍යාගශීලීන් සහාය දුන් බවත් ආහාර සැකසීමේ කටයුතු සදහා ද ස්වෙච්ඡාවෙන් පිරිස සහාය දෙන බව සදහන් කරමින් ඒ සැමටම ස්තුති ප්‍රශංසා කල ඔවුන් මෙම වැඩපිළිවෙල ඉදිරියටත් කරගෙන යාම සදහා සහාය දෙන ලෙසත් ඉල්ලා සිටින ලදී.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *