Post Views: 374 ජෝන් කීල්ස් පදනම පියවර කිහිපයක් යටතේ රත්නපුර, කලවාන සුදුවැලිපොත ප්‍රදේශයේ සිංහරාජ රක්ෂිත වනාන්තරයට යාබදව සිදුකරන වන වගා ව්‍යාපෘතියක් වන ‘Cinnamon Rainforest Restoration Project’ හි පළමු අදියර පසුගියදා සාර්ථක ලෙස අවසන් කෙරිණි. ලෝක පරිසර දිනය නිමිත්තෙන්, ‘Cinnamon Nature Trails’ හි ජ්‍යෙෂ්ඨ ජීව විද්‍යාඥ විමුක්ති වීරතුංග සහ ‘රුක් රැකගන්නෝ’ සංවිධානයේ සභාපති දුෂී පෙරේරා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සහ ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සාමාජික සාමාජිකාවන් පිරිසකගේ ස්වේච්ඡා දායකත්වයෙන් මෙය සිදුකරන ලදී. JOHN KEELLS HOLDINGS PLC (JKH) හි ස්වේච්ඡා සේවකයන් සමඟ එකතුව මිනිස් දම්වැලක් සාදා වන වගා ව්‍යාපෘතියට පැළ රැගෙන යාම සිදු කරන ලදී. Post navigation SLT මොබිටෙල් නව සේවා මධ්‍යස්ථානයක් පාදුක්ක නගරයට. ශ්‍රී ලංකාව ආසියානු දැල්පන්දු ශූරතාවය දිනාගැනීමට සමත් වේ. ලෝක ශුරතා තරගාවලියටත් සුදුසුකම් ලබයි.