විදේශයක රැකියාවක් සිදුකරන පුද්ගලයින්ට මෙරටට පැමිණ, විදේශයන්හි නිරත රැකියාව ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සිදු කිරීමට ඉන් අවස්ථාව හිමිවන බව සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය සඳහන් කරයි.

මෙහිදී වීසා හරහා මෙන්ම අදාළ පුද්ගලයාගේ වැටුප මෙරටට පැමිණී වියදම් කිරීම තුළින් එම මුදල් ද රට තුළ සංසරණය වීමක් සිදු වන බවත් රට තුළට විදේශ විනිමය ලබා ගැනීමේ කටයුත්තක් ලෙස ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත මෙම ක්‍රමවේදයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවද ඇය පවසයි.

සංචාරක සංවර්ධන අධිකාරිය සංචාරකයින් සඳහා ‘ඩිජිටල් සංචාරක’ වීසා බලපත්‍ර ලබා දෙන ලෙස රජයෙන් කල ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස සංචාරකයින් සඳහා මාර්ග ගත ක්‍රමය ඔස්සේ මාස තුනක වීසා බලපත්‍රයක් ලබා දීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.

මේ යටතේ දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංගමයේ රටවල සංචාරකයින් සඳහා ඇමරිකානු ඩොලර් 70 ක් ද, වෙනත් රටවල සංචාරකයින්ගෙන් ඩොලර් 85 ක් ද අය කෙරෙන අතර රටවල් සමඟ ඇති කරගත් ගිවිසුම් අනුව සිංගප්පූරුව, මාලදිවයින සහ සීෂෙල්ස් යන රටවල සංචාරකයින්ගෙන් ඩොලර් 50 ක් අය කෙරේ.

සංචාරක ප්‍රවර්ධනය සදහා සිංගප්පූරුව වැනි රටවල් ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා වීසා රහිතව සංචාරය කිරීමට ඉඩ සලසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *