Post Views: 373 රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ බෙලිහුල්ඔය ප්‍රදේශයේ පිහිටි පහන්තුඩාව දියඇල්ල පසුබිම් කරගනිමින් අසභ්‍ය වීඩියෝ පටයක් නිර්මාණය කර අසභ්‍ය ලේඛන පනත ප්‍රකාරව වරදක් සිදු කළැයි අත්අඩංගුවට ගත් යුවල පොලිස් ඇප මත මුදාහැරී බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි . ලබන 16 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දන්වමින් එම තරුණිය සහ තරුණයා පොලිස් ඇප මත මුදා හළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේය. මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් තරුණයා කෝවිඩ් ආසාදිතයකු ලෙසට හඳුනාගෙන ඇති අතර, එම තරුණිය ද කෝවිඩ් ආශ්‍රිතයකු වීම හේතුවෙන් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකොට පොලිස් ඇප මත මුදා හළ බව ද එම නිලධාරියා පැවසීය. 1983 අංක 22 දරන අසභ්‍ය ප්‍රකාශන පනත සහ ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 285, 286 වගන්ති ප්‍රකාරව අසභ්‍ය දර්ශන නිෂ්පාදනය, සන්තකයේ තබාගැනීම, බෙදාහැරීම සිදු කරමින් මෙම සැකකරුවන් වරදක් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම තරුණ යුවළ අත්අඩංගුවට ගෙන තිබුණේ පෙරේදා (02) සවස 4.30 පමණ මහරගම ප්‍රදේශයේ දී ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය විසින් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබ පොලිස් ඇප මත මුදාහැර ඇත්තේ , මහරගම පමුණුව ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි ඡායාරූප ශිල්පියකු සහ ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි විසි පස් හැවිරිදි රූපලාවන්‍ය ශිල්පිනියකි. Post navigation ජාත්‍යන්තර වනජීවී ඡායාරූප තරඟයෙන් ශ්‍රී ලංකාවට කීර්තිය ගෙන දුන් ගගන නව වීසා ක්‍රමවේදයක් (Digital Nomad Visa) හඳුන්වා දීමට රජය තීරණය කර තිබේ.