ලන්ඩන්හි, ස්වභාවික ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරය සංවිධාන කරන ‘Wildlife Photographer of the Year’ තරඟයෙන් අවුරුදු 10ට අඩු කාණ්ඩයෙන් ගගන මෙන්ඩිස් වික්‍රමසිංහ ප්‍රශස්ථ ඇගයීමට ලක්ව තිබේ.

මෙවර තරඟාවලිය සඳහා රටවල් 95කින් ඡායාරූප 50,000කට අධික සංඛ්‍යාවක් ලැබී තිබුණි.

ඒ අතරින් ප්‍රශස්ථ ඇගයීමට ලක් වූ අයගේ නම් සහ ඡායාරූප සැප්තැම්බර් 01 වැනිදා නිවේදනය කරන ලදී.

ජයග්‍රාහකයන් ප්‍රකාශයට පත් කිරීම ඔක්තෝම්බර් මාසයේදී සිදු කෙරෙන අතර ජයග්‍රාහී ඡායාරූප 100ක් ලන්ඩන් නුවර පිහිටි ස්වභාවික ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත.

ප්‍රකාශයට පත් කර ඇති ප්‍රශස්ථ ඡායාරූප අතරට බුද්ධිනී ද සොයිසාගේ ඡායාරූපයක් ද ඇතුළත් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *