Post Views: 2,698 රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ බෙලිහුල්ඔය ප්‍රදේශයේ පිහිටි පහන්තුඩාව දියඇල්ල ජනශූන්‍ය වූ අවස්ථාවක ලිංගික ජවනිකා රූපගත කිරීමකට යොදාගත් යුවල පිළිබඳව පොලිස් පරීක්ෂණ වලදී තොරතුරු අනාවරණය වී ඇත. මෙහි දර්ශන සඳහා පෙනී සිටින කාන්තාව වෘත්තියෙන් රූපලාවණ්‍ය ශිල්පිනියක් වන අතර ඇය සහ අදාල පිරිමි පුද්ගලයා මෙයට පෙර ද මෙවැනි ලිංගික දර්ශන රූපගත කර විදේශ වෙබ් අඩවි සඳහා අලෙවි කර ඇති බව වාර්තා වේ. ඇමරිකානු වෙබ් අඩවි ගණනාවක් සඳහා මොවුන් මෙවැනි දර්ශන රූපගත කරමින් ලබා දෙන අතර ඒ සඳහා එම වෙබ් අඩවි වලින් මොවුන් වෙත ගෙවීම් සිදුකරන බවත් මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. මොවුන් ලබාදෙන මෙම වී වීඩියෝ දර්ශන වැඩි ප්‍රේක්ෂකයින් ගණනාවක් නැරඹීමේදී මොවුන් වෙත ගෙවනු ලබන මුදල ඉහළ යන බැවින් මේ සඳහා ප්‍රචාරණයක් ලබා ගැනීමට මොවුන් මෙහි ප්‍රවර්ධන වීඩීයෝවක් ශ්‍රී ලංකාව තුළ ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කර ඇති බව වාර්තා වේ.ශ්‍රී ලංකාවේ නීතිය අනුව මෙවැනි මේ ක්‍රියාකාරකම් වල නිරත වීම නීති විරෝධී නිසා මොවුන්ට විරුද්ධව නීති මගින් කටයුතු කරන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි දම්සක් පදනමේ සභාපතිවරයා වන පූජ්‍ය පස්සරමුල්ලේ දයාවංශ හිමියන් ජනාධිපතිවරයාට ලිපියක් යවමින් මේ සබැදිව නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නා මෙන් කල ඉල්ලීමක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාල පරීක්ෂණ මෙහෙයවන ලදී. මෙම යුවළ මීමුරේදී මේ හා සමාන අසභ්‍ය වීඩියෝ පටයක් ද රූගත කර ඇති බව සඳහන් කළ හිමියෝ, මුදල් ලබා ගැනීම සඳහා මෙම වීඩියෝ නිෂ්පාදනය කර බෙදා හරින බවත් තම ලිපියෙන් දන්වා ඇත. මේ අතර මෙම සිදුවීමට සම්බන්ධ තරුණයා සහ තරුණිය අද (02) පස්වරුවේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් පරිගණක අපරාධ සම්බන්ධ විමර්ශන ඒකකය සිදුකළ විමර්ශන වලින් පසු එම යුවල අත්අඩංගුවට ගෙන ඇත. පොලීසිය පැවසුවේ මහරගම ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි තරුණයෙක් සහ ඇල්පිටිය ප්‍රදේශයේ 24 හැවිරිදි තරුණියක් පන්නිපිටිය ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් බවයි. තරුණිය වෘත්තිය රූපලාවන්‍ය ශිල්පිනියක් ලෙස කටයුතු කල බවද වාර්තා වේ. අන්තර්ජාල වෙබ් අඩවි මගින් අන්තර්ජාතික ක්‍රමවේදය ඔස්සේ ලබාගන්නා ලද තාක්ෂණික තොරතුරු පදනම් කරගෙන මෙම තරුණයා හා තරුණිය අත්අඩංගුවට ගෙන ඇති බව අනාවරණය වේ. අපගේ නවතම යු ටියුබ් නාලිකාව සබ්ක්‍රයිබ් කර සහයෝගය ලබාදෙන්න.යු ටියුබ් ලින්ක් එකhttps://www.youtube.com/channel/UC9HgPn9aW0bQKOSuhVEmtcg Post navigation බඩු මිල ඉහළ යාමත් සමග ශ්‍රී ලංකා ආර්ථිකය අවදානම් අඩියක ජාත්‍යන්තර වනජීවී ඡායාරූප තරඟයෙන් ශ්‍රී ලංකාවට කීර්තිය ගෙන දුන් ගගන